Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දුබල ප්‍රබල වෙනස දකිමු

බුදුරජාණන් වහන්සේ ලබාදී තිබෙන අවවාද අනුශාසනාවලට අවනතව ජීවත් වූ අය සරුසාර ප්‍රතිපත්ති ඇතිකර ගනු ලබයි. බොහෝ අවස්ථාවල එයින් පිට පැන්න ජීවිත ගත කරන අය සරුසාර ශාසනික අවශ්‍යතාවලින් පිරිහෙන්නේය. මෙම භික්‍ෂු දෙනමගේ ඇවතුම් පැවතුම් ගති සිරිත් පිළිබඳ හෙළි පෙහෙළි වන්නේ එයයි. ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් ගත කළ ස්වාමින් වහන්සේ වස්කාලය අවසන් වෙත්ම අරහත් භාවයට පත්වේ. තම ජීවිතයේ ඒකායන බලාපොරොත්තු සාර්ථක කරගනු ලැබීය. නිසි පිළිවෙලකට සියලු වැඩ කටයුතු සිදු කළ නිසා උන්වහන්සේ සිය බලාපොරොත්තු සපල කරගනිමින් ලැබූ නමුදු අනෙක් භික්‍ෂුවට එබඳු කිසිදු මාර්ග ඵලයක් ලබා ගැනීමට නොහැකි විය.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ සමාජ පරිසරය තුළ සිදුවු සිද්ධියකි මේ

උන්වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරන කාලයේ එක්තරා ගිහි තරුණයන් දෙදෙනෙක් ගිහි ජීවිතය පිළිබඳව කළකිරී මහණදම් පිරීම සඳහා සසුනට ඇතුළත් විය. වස් කාලය තුළ ඒ දෙනමට බුදුරදුන්ගෙන් බණ භාවනා ආදියට අදාළ විෂය කරුණු කාරණා (කමටහන්) අරගෙන ඈත පෙදෙසකට පිටත්ව ගියහ. වස්තුන් මාසය තුළ කළමනා බණ භාවනා ආදිය සිදුකරමින් ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් ගත කිරීමට ඉන් එක භික්‍ෂු නමක් කැප වී සිටියහ. අනෙක් හිමියන් එබඳු ලෙස කටයුතු කිරීම අතපසු කරමින් දිවිගෙවූහ. දවසේ වැඩි කාලයක් නිදාගැනීමටද ඉතිරි කාලය ඔවුනොවුන් සමග කතා බහ කිරීමටද කාලය වැය කරයි. බුදුරදුන්ගෙන් ලබාගත් කමටහන් වලට අනුව ජීවිතය ගත කරනු වෙනුවට උන්වහන්සේ ජීවත් වූයේ ලාමක ගතිපැවතුම් සහිත කෙනෙක් ලෙසය.

බුදුරජාණන් වහන්සේ ලබාදී තිබෙන අවවාද අනුශාසනාවලට අවනතව ජීවත් වූ අය සරුසාර ප්‍රතිපත්ති ඇතිකර ගනු ලබයි. බොහෝ අවස්ථාවල එයින් පිට පැන්න ජීවිත ගත කරන අය සරුසාර ශාසනික අවශ්‍යතාවලින් පිරිහෙන්නේය. මෙම භික්‍ෂු දෙනමගේ ඇවතුම් පැවතුම් ගති සිරිත් පිළිබඳ හෙළි පෙහෙළි වන්නේ එයයි. ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් ගත කළ ස්වාමින් වහන්සේ වස්කාලය අවසන් වෙත්ම අරහත් භාවයට පත්වේ. තම ජීවිතයේ ඒකායන බලාපොරොත්තු සාර්ථක කරගනු ලැබීය. නිසි පිළිවෙලකට සියලු වැඩ කටයුතු සිදු කළ නිසා උන්වහන්සේ සිය බලාපොරොත්තු සපල කරගනිමින් ලැබූ නමුදු අනෙක් භික්‍ෂුවට එබඳු කිසිදු මාර්ග ඵලයක් ලබා ගැනීමට නොහැකි විය. දෙදෙනාම එකම ස්ථානයක කාලය ගත කළ නමුදු වස්කාලය අවසාන වන විට දෙදෙනා ලබාගත් ප්‍රතිඵල වෙනස් විය. එසේ වීමට මූලික වශයෙන්ම බලපානු ලැබුයේ ඒ දෙදෙනාගේ ක්‍රියාමාර්ගයන්ය. භික්‍ෂූන් වහන්සේ ලා දෙනම තුළ පැවති එකම බලාපොරොත්තුව වූයේ ශාසනික ප්‍රතිපත්තිවලට අනුගතව ජීවත් වී නිවන් සම්පත් ලබාගැනීමයි. දෙදෙනා වහන්සේගේම අරමුණ එක හා සමාන විනිද, දෙදෙනාගේ ඇවතුම් පැවතුම් අතින් වෙනස් වේ. එක් නමක් හොඳීන් කැපවී අවශ්‍ය කළමනා සියල්ල මැනවින් ඉෂ්ට කරගනු ලැබූ අතර අනෙක් භික්‍ෂුව නිදාගැනීමෙන්ද අන්‍යයන් සමග කතාබහ කිරීමෙන්ද කාලය කා දමන්නට විය. වස් අවසානයේ ලැබූ ප්‍රතිඵල වෙනස් වීමට බලපානු ලැබුයේ එම කාරණා වේ.

බුදුසමයෙහි උගන්වනු ලබන මෙම කතා ප්‍රවෘත්තිය තුළින් පුද්ගල ජීවිතය සාර්ථක කරගැනීමට සහ ජීවන ගැටලුවලට මුහුණ දීමේ නව අදහස් කිහිපයක් මතුවේ. එනම් කිසියම් අරමුණක් මනසේ තබාගත් පසු එම අරමුණ සාර්ථකව ජයග්‍රහණය කරගැනීමට නම් තමා තුළ ප්‍රතිපෝෂණ තිබිය යුතු බවය. අරමුණ හොඳ වූ පමණින් නොඑසේ නම් හොඳ අරමුණක් මනසෙහි තබාගත් පමණින් තමා හොඳ කෙනෙක් යන සංකල්පය ඇතිවන්නේ නැත. එයට හේතුව හොඳ අරමුණු සිතෙහි තබාගනිමින් නරක ක්‍රියාවල යෙදෙන බොහෝ අය සමාජයේ සිටින බැවිනි. එනිසා තමන් ඇතිකර ගත් බලාපොරොත්තු සාර්ථක කරගැනීම සඳහා අනුගමනය කළ යුතු කෙටිකාලීන හා දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග පවතින්නේය. කෙටිකාලීන ක්‍රියාමාර්ග මැනවින් ක්‍රියාත්මක කිරීම තුළින් දීර්ඝකාලීන අරමුණු ක්‍රියාමාර්ග ජයග්‍රහණය කරගැනීමට උත්සාහ ගත යුතුය. එකම පරිසරයක් තුළ එකම විදිහකින් ජීවත් වුණද සිය අරමුණූ ජයග්‍රහණය කරගැනීම විෂයෙහි ගනු ලබන ක්‍රියාමාර්ග අනුව ප්‍රතිඵලය තීරණය වේ.

බුදු දහම මේ පිළිබඳව කරුණු දෙකක් අවධාරණය කරනු ලබයි. අප්‍රමාදී පුද්ගලයන් අතර ප්‍රමාද වීමද නො නිදන්නන් අතර වැඩිපුර කාලයක් නිදාගැනීම සඳහා වෙන් කිරීමටද යන්නය. ජීවිත අරමුණු සාර්ථකව ජයග්‍රහණය කරගැනීමට පවතින්නාවු බාධකය එයයි. එම තත්වයෙන් සිය ජීවිතය ගත කරන්නෙකුට කවදාවත් සිය අරමුණු ජයග්‍රහණය කරගැනීමට නොහැකි වනබව දක්වා තිබේ. විශේෂයෙන් කෙලෙස් නින්දෙන් නිදාගැනීම ලෙස මෙහි දක්වා තිබෙන්නේ ක්ලේශයන්ට වසඟ වී කටයුතු කරීමයි. එබදු ක්ලේශයන්ට වසඟ වී කටයුතු කරන අප්‍රමාදී ගතිගුණ ඇති වැඩ කළ යුතු කාලයේත් නින්දට කැප කරන පුද්ගලයා සඳහා මෙහි භාවිතා කරනු ලබන උපමාව වන්නේ දුර්වල අශ්වයෙක් වගේය යන්නය. දුර්වල අශ්වයා සහ ප්‍රබල අශ්වයා අතර ප්‍රබල වෙනසක් තිබේ. ඒ වෙනස නම් දෙදෙනාම තරගයට තබා ජයග්‍රහණය විමසා බලන විට අබල දුබල අශ්වයා පරාජය ලැබීමත් ජවසම්පන්න අශ්වයා ජයග්‍රහණය කිරීමත්ය. ප්‍රබල අශ්වයා සමාන කරනු ලබන්නේ කෙලෙස්වලට වසඟ වී කටයුතු නොකරන අප්‍රමාදී ගුණ සහිත ජීවිතයේ කළමනා වැඩ කටයුතු කරන පුද්ගලයාටය.

භික්‍ෂූන් වහන්සේලා දෙනමක් වස්කාලය තුළ කටයුතු කළ ආකාරය පිළිබඳව පැහැදිලි කිරීම මේ සිද්ධියේ අරමුණයි. නමුත් බුදුරජාණන් වහන්සේ පැැදිළි කරනු ලබන්නේ උන්වහන්සේලා දෙනම ගැන පමණක් නොවෙයි. සදාතනික සත්ත්වයන් උදෙසා එම සිද්ධිය තේමා කරගෙන උචිත වූ ධර්ම දේශනාවකි. ඒ දේශනා තුළ බුදුබණ පදය චිරාත් කාලයක් ලෝකය තුළ පවතින දහමකි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.