Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෙල්ලන්විල ඇසළ පෙරහර

බෙල්ලන්විල ඇසළ පුණ්‍යොත්සවයට සමගාමීව බෙල්ලන්විල රන්දෝලි මහ පෙරහර අගෝස්තු 25 වැනි දින අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. මෙම උත්සවය පැවැත්වෙනුයේ 62 වන වරටය. අපවත්වී වදාළ බෙල්ලන්විල රජ මහා විහාරාධිපතිව විසූ බෙල්ලන්විල සෝමරතන නා හිමියන් විසින් අරඹන ලද මෙම පෙරහර වත්මන් විහාරාධිකාරී කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කිරීමට කටයුතු යොදා ඇතිබව පෙරහර කමිටුව පවසයි. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මේ සඳහා ලබා දී ඇත. අගෝස්තු මස 18 වන දා කුඹල් පෙරහර ද 19 දා සිට 22 දක්වා මල් පෙරහර ද, 23 වන දා පාවාඩ පෙරහර ද, 24 වන දා රන්සිවිලි පෙරහර ද, රන්දෝලි මහා පෙරහර 25 දා සහ දිය කැපීමේ පෙරහර 26 වන දා පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.