අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති කොළඹ
නව කෝරළේ සහ නව තොටමුණේ
ප්‍රධාන සංඝනායක
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය
බුදුසමය පහළවීමට පෙර පැවැති බමුණු දහමට අනුව පුද්ගල ජීවිතය අවස්ථා 04
කට බෙදා දක්වන ලදී. මේවා එකල චතුරාශ්‍රම ධර්ම නමින් ද ව්‍යවහාර විය.
බමුණු දහමෙහි විශේෂිත වූ එම චතුරාශ්‍රම ධර්ම මොනවාද?
පිළිතුර
පළමුවන ආශ්‍රම ධර්මය බ්‍රහ්මචාරි යන්නයි. තරුණ වියට පත්වනතුරු
සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර ගරු කරමින් අධ්‍යාපනය ලබමින් දෙමව්පිය
ඇසුරෙහි කුමර බඹසරින් යුතුව දිවිපැවැත්ම එයින් අදහස් කෙරෙයි. දෙවන
ආශ්‍රමය වූ ගෘහස්ථ යන්නෙන් සොළොස් විය ඉක්මවා තරුණ වියට පත්ව විවාහ
ජීවිතයට ඇතුළත් වීමක් ස්වාධීන ජීවිතයක් හා ගුරු දෙගුරුන්ගේ ආශ්‍රයෙන්
ඈත්ව අඹු දරු පෝෂණය කරමින් පස්කම් සැප විඳිමින් ගත කරන ජීවිතය අවධාරණය
විය . තුන්වැන්න වානප්‍රස්ථ යනුවෙන් සඳහන් වන මධ්‍යම වයසට පත්වීමත් ගෘහ
බන්ධන වලින් නිදහස්ව වනගතව විමුක්තිය සොයමින් ගත කිරීමයි. නිදහස්ව
සියලු බැඳීම් වලින් වෙන්ව සංචාරක ජීවිතයක් ගතකිරීම සන්‍යාසී යනුවෙන්
සඳහන් වෙයි.
ප්‍රශ්නය
බුද්ධ කාලය වන විට බලවත් රාජ්‍ය 04 ක් මගින් ක්‍ෂත්‍රියන්ගේ දේශපාලන
උන්නතියක් දක්නට ලැබුණි.මෙම සොළොස් මහජනපදවලින් බලවත් රාජ්‍ය වශයෙන්
නාමිකව සඳහන් රාජ්‍ය මොනවාද?
පිළිතුර
1. මගධ රාජ්‍ය
2. කෝසල රාජ්‍ය
3. වත්ස රාජ්‍ය
4. අවන්ති රාජ්‍ය
ප්‍රශ්නය
වෛදික බ්‍රාහ්මණ සම්ප්‍රදායට අමතරව ශ්‍රමණ නමින් හැඳින්වෙන වෙනත් ආගමික
කණ්ඩායමක්ද පැරැණි භාරතයේ දක්නට ලැබුණි. මෙයින් “ශ්‍රමණ” සම්ප්‍රදාය
යනුවෙන් හඳුන්වන්නේ කුමන සාම්ප්‍රදායක පිරිසක්ද ?
පිළිතුර
බ්‍රාහ්මණ සම්ප්‍රදාය සමඟ සමාන්තරව භාරතය පුරා ව්‍යාප්ත වූ ආගමික
සම්ප්‍රදායක් ලෙසින් ‘ශ්‍රමණ’ සම්ප්‍රදාය ව්‍යාප්ත විය. බ්‍රාහ්මණයන්ගේ
ආර්ය සම්ප්‍රදාය සහ ප්‍රාග් වෛදික වූත් ආර්ය මූලයකට සම්බන්ධ වූත් මුනි
සහ ශ්‍රමණ වශයෙන් ආගමික හා සංස්කෘතික සම්ප්‍රදායයන් දෙකක් පැවැති බව
විද්වත් මතයයි. කෙසේ වෙතත් ශ්‍රමණ සම්ප්‍රදාය යටතේ සංවිධානාත්මක වූ
ආගමික සංස්ථා තුනක් ගැන කියවෙයි. ඒවා නම් ජෛන, ආජීවක හා බෞද්ධ යනුවෙන්
හැඳින්වෙයි. සංවිධානාත්මක ස්වරූපයක් නොදරන්නේ නමුත් ශ්‍රමණ යන නමින්
සැලකිය හැකි විවිධ ආගමික කණ්ඩායම් බුද්ධකාලීන භාරතීය සමාජයෙහි පැවැති
බවට සාධක බෞද්ධ සාහිත්‍යයෙන් ලැබේ.ආජීවක , සමණ පරිබ්බාජක , පබ්බජිත
,අචේලක , නිඝණ්ඨ , තාපස, භික්ඛූ ,යති, මුනි, බ්‍රහ්මචාරි ආදි නම් වලින්
හැඳීන්වෙයි.
ප්‍රශ්නය
යම් සේ නූල් පන්දුවක් උස්තැනක සිට දමා ගැසූවිට නූල දිග හැරී ගොස් නූල
අවසන් වූ විට නවතීද එසේම බාල පණ්ඩිත සියල්ලෝම ඉබේම සසර ගමන්කොට දුක්
කෙළවර කෙරෙත්. මේ බුද්ධකාලීන එක් ශාස්තෘවරයෙකුගේ ඉගැන්වීමක්. මේ
තැනැත්තා කවුද?
පිළිතුර
සත්වයන්ගේ විනාශය හේතුවකින් තොරව සිදුවෙයි. සත්ව පාරිශුද්ධිය සඳහාද
පැහැදිලි හේතුවක් නොදක්වන මොහු මක්ඛලීගෝසාල නම් ශාස්තෘවරයාය.
ප්‍රශ්නය
මහාකාරුණික වූ බුදුරජාණන් වහන්සේ අසරණ වූ දරුවෙකු දැක අනුකම්පාව උපදවා
ආලෝකයක් පතුරවා ඔහුට පියවි සිහිය ලබාදී ‘දරුව මෙහි එව තථාගතයන් දෙස
බලව. රාහුගෙන් සඳ මිදුණාක් මෙන් මම නුඹ මුදාගන්නෙමි’ යි වදාළ සේක.
විපතට පත් මේ දරුවා කවුද?
පිළිතුර
රජගහනුවර සැඬොලකුට දාව පුත් කුස කුලයට අයත් කාන්තාවකගේ කුසින් උපන්
සෝපාක නම් ඔහු විය.
ප්‍රශ්නය
උරුවෙල් දනව්වෙහි ගයා නුවර බමුණු ගෙයක මෙහෙකළ දාසයක් ස්වාමිදුවගේ
වධහිංසා ඉවසාගත නොහැකිව සිය දිවි නසා ගැනීම් සඳහා වනරොදකට පිවිසියාය.
මගඵල පසක් කරගැනීමට හේතු සම්පත් ඇති ඇය කෙරෙහි කාරුණික වූ බුදුරජාණන්
වහන්සේ ඇයට පෙනෙන සේ රුක් සෙවණක වැඩ හිඳ දහම් දෙසා සෝවාන් ඵලයෙහි
පිහිටි මේ තැනැත්තිය කවුද?
පිළිතුර
ස්වාමි දියණියගේ බලවත් වධහිංසා නිසා ජීවිතය අමිහිරි වූ රජ්ජු
මාලාදාසිය.
ප්‍රශ්නය
සැදැහැති බොදුනුවෙකු සතර ඉරියව් කෙරෙහි සිහියෙන් යුතුව විසිය යුතු බව
ධර්මයෙහි සඳහන් වෙයි. මෙම ඉරියව් 04 මොනවාද?
පිළිතුර
කරණීයමෙත්ත සූත්‍රාගත දේශනයට අනුව තිට්ඨං චරං නිසින්නෝවා සයානොව ආදී
වශයෙන් සඳහන් වී ඇති පරිදි ගමන් කිරිම, හිඳ ගැනීම, නිදා ගැනීම හා සිට
ගැනීමයි.
ප්‍රශ්නය
සිව් මහා ගංඟාවන් ගලා අවුත් මහ සමුදුර හා එක්ව එකම ලවණ රසයක් වන්නාසේ
තම ශ්‍රාවක පිරිසට එකාග්‍රතාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ
කුමන කරුණක් මුල්කර ගෙනද?
පිළිතුර
බෞද්ධ භික්‍ෂූන් වහන්සේ කිසිවිටකත් සමාජ සම්මතයන් අන්ධානු කරණයෙන්
අනුමත නොකොට වර්ණ,ජාති, කුල ආදි ප්‍රභේදයන් ඉක්මවා ගිය ශ්‍රාවක පිරිසක්
විය යුතුය යන බෞද්ධ මතය තහවුරු කිරීමටය.
ප්‍රශ්නය
අනුරාධපුර ඓතිහාසික නාමයන් අතර චේතියගිරිය, මිස්සක පබ්බත, සෑගිරිය යන
නම්වලින් හැඳින්වෙන්නේ කුමන ස්ථානයක්ද?
පිළිතුර
මිහින්තලා පූජා භූ®මියයි.
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව නිධන්කොට ශශ්‍රී ලංකාවේ ඉදිකළ
ස්ථූපය කුමක්ද? පිහිටියේ කොහේද? කළ තැනැත්තා කවරෙක්ද?
පිළිතුර
අනුරාධපුර ථූපාරාම ස්ථූපය දේවානම්පියතිස්ස මහරජතුමා විසින් කරවන ලදී. |