Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගම්පොල නාරංවිට ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය


බුද්ධ ප්‍රතිමා වහන්සේ

සෙංකඩගලපුර දළදා සමිදුන් වැඩ සිටින මහනුවර දිස්ත්‍රික්කයේ එක පැත්තකින් ගම්පොල පුරවරයේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාරංවිට ගමේ ගම්වාසීන්හට ඇති එකම පූජනීය පුදබිම වන ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වසර 100 කට ආසන්න පැරණි පුදබිමකි.


පැරැණි බෝධීන් වහන්සේ

1920 වරෂයේ දී නාරංවිට ගම්පතිත්වය ඉසුලූ කිරිබණ්ඩා නිලමේ තුමන් ඇතුළු ගම්වාසීන් එකතුව අම්බලම ධර්ම ශාලාව වශයෙන් සකස් කොට ගෙන වෙසක් පොසොන් පෝය දිනවල ධර්මදේශනා පැවැත්වීමටත් වස්කාලේදී භික්ෂූන් වහන්සේලාට වස්වසා ගැනීමට පහසුකම් සැලසීම නිසා මෙම ස්ථානය ප්‍රදේශ වාසීන්ගේ ප්‍රසාදයට පත්විය.

මෙසේ පවතින අතර 1947 මහා ගංවතුර නිසා ධර්ම ශාලාව කඩා වැටුණි. එයට පසු ගමවාසීන් ගම්පති කිරිබණ්ඩා නිලමේතුමා සමඟ එකතුව ධර්ම ශාලාව සකසා පූජ්‍ය වේරවල සීලානන්ද හිමියන් ගෙන්වා වස් වසා සකු බෝධි පැළ නැමැති ඉඩම මෙම පූජා බිමට නීත්‍යානුකූලව පවරාගෙන විහාරස්ථානය වැඩි දියුණු කරන ලදී.

2500 සම්බුද්ධ ජයන්තිය සදානුස්මරණීය මහා උත්සවය නිමිතිකොට ගෙන වළාකුළු බැම්ම ගන්ටා කුලුන බෝධි ප්‍රාකාරය ඉදිකරන ලදී. මෙම විහාරයේ ප්‍රගතිය දෙදහස් පන්සිය බුද්ධ ජයන්තිය නිමිති කොට ගෙන සිදුවූ හෙයින් ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය නමින් නම් කරන ලදී.

මෙම විහාරස්ථානයේ ශාසනාරක්ෂක සමිතිය ශ්‍රී විශාඛා කුළඟන සමිතිය විසින් ප්‍රදේශවාසින්ගේ සහයෝගයෙන් දෙමහල් සංඝාවාසය එවකට ගලහා මහජන මන්ත්‍රි සමාජසේවා හා කම්කරු ඇමති ටී.බී. ඉලංගරත්න මැතිතුමාගේ විශේෂ අනුග්‍රහය යටතේ නිමකරන ලදී.


ගන්ටාර කුලුන

ධර්ම ශාලාව නොහොත් බහුකාර්ය ශාලාව ග්‍රාම සංවර්ධන සමිතිය ශාසනාරක්‍ෂක බෞද්ධ සංගමය කුළඟන සමිතිය ප්‍රදේශවාසීන්ගේ ආධාර සහ ගම්පොල මහජන මන්ත්‍රී වත්මන් අගමැති දි.මු. ජයරත්න මහතාගේ ආධාර ඇතිව සංවර්ධනය කරන ලදී.

ආකර්ෂණීය සම්බුද්ධ ප්‍රතිමාවක් වඩා හිඳුවා හෙළ කලා සම්ප්‍රදායට අනුකූලව නිර්මිත නව විහාර මන්දිරය මහනුවර යුගයේ කලා කෞශල්‍ය විදහාපාන දර්ශනීය මකර තොරණකින් සමන්විතව සකසන ලදී.

ගම්වාසීන්ගේ හා දායකයින්ගේ දෙගුරුන්ට සහ නැදෑයින්ට පින් පිණිස මෙම නව විහාර මන්දිරය ගොඩ නගා ඇත.


විහාර මන්දිරයේ සිතුවම්

 

 

 

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.