මිනිසා
පිළිබඳ බෞද්ධ විග්‍රහය
මහාචාර්ය
වාව්වේ ධම්මරක්ඛිත හිමි
බෞද්ධ අධ්‍යයන පීඨාධිපති
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
පිටිපන උතුර, හෝමාගම
මිනිසා කාමභෝගී ජීවිතය තුළ තාවකාලික ආස්වාදයක් ලබා ගන්නා නමුත් එහි
අවසාන ස්වභාවය දුකකි. ආත්මීය ලෝකයෙන් මිදී සියල්ල තමා නො වේ යැයි
කල්පනා කරන පුද්ගලයා ජීවිතයේ සැබෑ ආධ්‍යාත්මික සුන්දරත්වය විඳී, එබඳු
සුන්දරත්වයක් විඳින තැනැත්තා පිරිසක් අතර වුවද, නිර්භීතව,
විශාරදව,මසුරු බවින් තොරව කටයුතු කළ හැකි අයකු බවට පත්වෙයි. විසාරදෝ
හොති නරො අමච්චරී” එවිට ඔහු පරිත්‍යාගශීලි පුද්ගලයෙක් බවට පත්වෙයි.
මසුරු බවේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාව පරිත්‍යාගයයි. නො මසුරු පුද්ගලයා
සරත් ඍතුව බඳුය. හෙතෙම සෞම්‍ය අයෙකි. කිසියම් පුද්ගලයකු මේ ලෝකයෙහි
මනුෂ්‍ය ආත්මයක් ලැබ පහවූ මසුරු මල ඇත්තේ බුද්ධ, ධම්ම,සංඝ යන ත්‍රිවිධ
රත්නය කෙරෙහි ශ්‍රද්ධාව උපදාව ගෙන අත්‍යන්ත ගෞරවයෙන් යුක්තව දහම්සොඬ
රජු මෙන් ක්‍රියා කරයි
2012 ජූනි
27 වන දින
පත්‍රය හා සම්බන්ධයි
“නහි චින්තාමයා භෝග ඉත්තියා පුරිසසස්සවා” මිනිසුන් ප්‍රාර්ථනා කරන දෙය
ඒ ආකාරයෙන් ම සිදු නො වන බැවින් සහ ඇතැම් විට ප්‍රාර්ථනා කරන දෙය එලෙස
සිදු වන අවස්ථා ඇති බැවින්ද, කවර පුද්ගලයකුට වුවද, තමා සිතන ප්‍රමාණයට
වස්තුව එක්රැස් කර ගැනීම පහසු නොවේ. එහෙත් මේ දුෂ්කර වූ උත්සාහය
කිසිවිටෙකත් අත්හැරීමට ඔහු සූදානම් නොමැත. මේ ගති ලක්‍ෂණය පුද්ගලයාගෙන්
පුද්ගලයාට වෙනස්වේ. එය ඇතැමෙකුට ලෞකික යහපත සලසන අතර තවකෙනකුට එය අයහපත
උදා කරයි. එබැවින් ලෝකයේ සියල්ල හොඳද නොවේ. එමෙන්ම නරක ද නොවේ. යන්න
අසිලක්‍ඛණ ජාතකයේ පෙන්වා ඇත. “තථෙවේ කස්ස කල්‍යාණං තථෙවේ කස්ස පාපකං,
තස්මා සබ්බං න කල්‍යාණං සබ්බං වාජී න පාපකං ති”
මෙලෙස සියල්ල සාපේක්‍ෂ වුවද, මේ මසුරු බවෙහි හික්මවීමේ නො හැකියාවක්
පුද්ගලයාට නොමැත යන්න බෞද්ධ ආකල්පය නො වේ. මේ සම්බුද්ධ ශාසනය තුළ මසුරු
බවේ හික්මුණු පුරුෂයකු වේ. “මච්චේර විනයේ යුක්තො සප්පුරිසො හොති “මේ
මසුරු බවේ හික්මුණු තැනැත්තා සුවිශේෂ කොට දැක්වීම සඳහා බුදුදහම
“සප්පුරිසො” යන පදය භාවිත කොට තිබේ. ඒ අනුව මෙම ප්‍රකාශනයෙන් ගම්‍ය වන
යථාර්ථය නම් මසුරු බවින් හික්මුණු යමෙක් වේද හේ සත්පුරුෂයකු බව ය. එම
ප්‍රකාශයට සාපේක්ෂව බලන කළ මසුරු බවෙහි ඇලුණු යමෙක් වේ නම් හේ
අසත්පුරුෂයෙක් වේ. පුද්ගලයාගේ සත්පුරුෂ, අසත්පුරුෂ ස්වභාවය වර්ධනය වන
මූලික සාධකයක් ලෙස මසුරු බව සහ නොමසුරු බව දැක්විය හැකිය. එමෙන් ම
මසුරු බවින් මිඳුණු පුද්ගලයා සත්‍යවාදියෙක් වේ. සත්‍යවාදි පුද්ගලයා
සත්පුරුෂයෙකි. සත්‍යවාදි පුද්ගලයා නිරතුරුවම ක්‍රෝධය අභිභවනය
කරයි.ක්‍රෝධය ජයගත් පුද්ගලයා සැබැවින්ම සත්පුරුෂයෙකි. සත් පුරුෂයා තුළ
පවත්නා ප්‍රාථමික ගතිගුණ කිහිපයක් මින් හඳුනා ගත හැකිය. එනම් මසුරු බව
අත්හැරීම, සත්‍යවාදී බව සහ ක්‍රෝධය අභිභවනය කිරීමයි. බෞද්ධ චින්තනයට
අනුව පුද්ගල ජීවිතයේ උත්කෘෂ්ට ම ලක්‍ෂණය වන්නේ සත්පුරුෂභාවයයි.
සත්පුරුෂ පුද්ගලයන් බොහෝ දෙනාට හිත පිණිස සුවපිණිස, සැපය පිණිස ක්‍රියා
කරයි. “සප්පුරිසො භික්‍ඛවෙ කුලෙ ජායමානෝ බහුනො ජනස්ස අත්ථාය හිතාය
සුඛාය හොති”
මෙම සත් පුරුෂ පුද්ගලයා පිළිබඳ තවදුරටත් විග්‍රහයක යෙදෙන බෞද්ධ
සාහිත්‍යය එබඳු පුද්ගලයා හඳුනා ගැනීමට හැකි ලක්‍ෂණ කීපයක් පෙන්වා දෙයි.
1. මවුපියන් පෝෂණය කිරීම
2. කුල දෙටුවන් පිදීම
3. මොළොක් වු රළු නො වූ කතාවෙන්
යුක්ත වීම
4. කේලාම් කීමෙන් වැළකීම
මෙයින් සත්පුරුෂ පුද්ගලයා තුළ පවත්නා සුවිශේෂ ගුණ කීපයක් ප්‍රකාශ වේ.
බුදුදහම සත්පුරුෂ යන වචනයට මෙමඟින් විශිෂ්ට ඇගයීමක් ලබා දී ඇත. එපමණක්
නොව පුද්ගලයකු තුළින් ප්‍රකට විය යුතු උසස් මානව ගුණ ධර්ම කීපයක් ද ඉන්
අවධාරණය වේ. එම ගුණයන් තුළින් පිළිබිඹු වන චරිතය ශ්‍රේෂ්ඨ මානව චරිතයක්
වන අතර එම මානව චරිතයේ ශ්‍රේෂ්ඨත්ව වනාහි සත්පුරුෂ බව වේ. තවත් ලෙසකින්
විග්‍රහකොට බලන කළ මිනිසා යනු සත්පුරුෂ බවේ පිළිබිඹුවකි.
ඛුද්දක නිකායේ උදාන පාළියෙ හි ආනන්ද සූත්‍රයේ දැක්වෙන ආකාරයට සත්පුරුෂ
පුද්ගලයා ආර්ය පුද්ගලයෙක් වශයෙන් සැලකේ. එහි සත්පුරුෂ පුද්ගලයාට යහපත්
දෙය සුවසේ කළ හැකි බවත් පාපි පුද්ගලයාට අයහපත් ක්‍රියාව සුවසේ කළ හැකි
බවත් සඳහන් වේ. එහෙත් ආර්ය පුද්ගලයාට පවු කළ නො හැකි බව මින් ප්‍රකාශ
වේ. මෙහි ආර්ය පුද්ගලයාට හොඳ දේ සුවසේ කළ නො හැකිය යන්න ප්‍රකාශ නොවේ.
සත්පුරුෂයාට හොඳ දේ සුවසේ කළ හැකිය යන පිළිගැනීමෙන් සහ ආර්ය පුද්ගලයාට
නරක දේ කළ නො හැකිය යන ප්‍රකාශනයෙන් සනාථ වන්නේ හොඳ දේ කළ හැකි
පුද්ගලයා ආර්ය පුද්ගලයකු බවයි. ඒ අනුව සත්පුරුෂයා ආර්ය පුද්ගලයෙක් වේ.
පාපකාරි ක්‍රියා කරන පුද්ගලයා ඒ අනුව අසත් පුරුෂයෙකි.
මිනිසා සියල්ල තමන් හා අනන්‍යකොට ගෙන ජීවත් වීමට පීඩා කරන අතර යමක්
ඔහුගෙන් අන්‍යතර වේ නම් එයට කැමති නොවේ. මනුෂ්‍යයා ලොවෙහි සියල්ල තමා
සන්තක කර ගැනීමට පෙළඹේ. සංයුක්ත නිකායේ වත්ථු සූත්‍රයට අනුව මේ ලෝකයේ
මනුෂ්‍යයන්ට ඇති වටිනාම වස්තුව සිය දරුවන්ය. “පුත්තා වත්ථු මනුස්සානං”
එවැනි හැඟීමක් පෘථග්ජන මිනිස් සිතකට ඇතිවන්නේ මට පුත්‍රයන් ඇත යන
සංකල්පයය. (පුත්තා මත්ථි) පුද්ගල මනසේ තැන්පත්වන හෙයිනි. ඇතැම් විට මේ
හැඟීම ඇති වන්නේ දාරක ස්නේහය නිසා ම විය හැකිය. එය පීතෘත්වයේ හා
මාතෘත්වයේ පරම සංකේතය වේ. එහෙත් “මිනිසුන්ට දරුවෝ ස්වකීය වස්තුව වෙති.”
යන මෙම අදහස ශිෂ්ටාචාරයේ අනාදිමත් කාලයක සිට මනුෂ්‍ය සිත් සතන් තුළ
රෝපණය වී පැවති සංකල්පයකි. ඍග් වේදයට අනුව වෛදික යුගයේ පටන් ම
පුත්‍රයන්ගේ අගය භාරතීය සමාජය තුළ මුල් බැසගත් අදහසක් විය. පවුල්
සංස්ථාවකට පුත්‍රයකු ලැබීම බලවත් පී‍්‍රතියට කාරණයක් වේ. එහෙත් මෙහිදී
බුදුසමය පුත්ත යන වචනයෙන් මෙහි අදහස් කර ඇත්තේ පිරිමි දරුවා පමණක්
නොවේ. පොදුවේ ගැහැනු පිරිමි දෙපක්‍ෂය ම වේ. පුත්‍රයන් හා සමාන
පේ‍්‍රමයක් ආදරයක් මිනිසකුට නො එසේ නම් පියකුට හෝ මවකට තිබිය නො හැකිය.
“නත්ථී පුත්ත සමං පේමං” එක් අතකින් මෙය දැඩි ගේහසිත බන්ධනයකට කාරණයක්
වේ. එ නමුත් මිනිසාට සිය ජීවිතයේ සතුටත් කඳුළත් තම දරුවන් නිසා ම
ඇතිවේ. “නන්දති පුත්තෙහි පුත්තිමා, රෝචති, පුත්තෙහි” පුත්තිමා දරුවන්
නොමැති ජීවිතය සුන්දර එකක් නො වන බව පෘථග්ජන මිනිසුන්ගේ පිළිගැනීමයි.
එබැවින් ගිහිව කාමභෝගී ජීවිත ගත කරන පුද්ගලයන්ට දරුවන්ගේ ආදරය ඔහුගේ
සුරතල් කෙළිලොල් ජීවිතය අමන්දානන්දනයට පත් කරයි. එනමුත් බුද්ධිය
මුහුකුරා ගිය ජීවිතයේ යථාර්ථය තේරුම් ගත් තැනැත්තාට දාරක සම්පත්තිය
ආනන්දයට නොව පසුතැවීමට කාරණයක් බව සිද්ධාර්ථ කුමරුගේ “රාහුලො ජාතො
බන්ධනං ජාතං” (සුමංගල විලාසිනී) (රහුලථෙර ගාථා) යන ප්‍රකාශයෙන්
පැහැදිලි වේ. එමෙන් තමාට දරුවන් ඇත යන සිතුවිල්ල ඇති පුද්ගලයා අඥානයකු
බවත් තමාට තමාවත් නොමැති නම් පුතකු හෝ වෙනත් දෙයක් තිබිය නො හැකි බව
බුදුදහමෙන් පෙන්වා දෙයි.
“පුතතාමත්ථි ධනං මත්ථි
ඉති බලෝ විහඤ්ඤති
අත්තාහි අත්තනො නත්ථි
කුතො පුත්තා කුතෝ ධනං”
දරුවන් පමණක් නොව ධනය හො වෙනත් දෑ තමන් සතුව ඇතැයි යන සිතුවිල්ල අඳබාල
අදහසක් බව ධම්ම පදයේ මෙම ගාථාවෙන් පැහැදිලි වේ. මේ අනුව මිනිසා පිළිබඳ
සමාජීය වශයෙන් සලකා බැලීමේ දී තමා නියෝජනය කරන සමාජය තුළම තමාට පමණක්
සුවිශේෂ වූ ආත්මීය ලෝකයක් ගොඩ නගා ගන්නා බව පෙනේ. එබඳු මිනිසා කාමභෝගී
ජීවිතය තුළ තාවකාලික ආස්වාදයක් ලබා ගන්නා නමුත් එහි අවසාන ස්වභාවය
දුකකි. ආත්මීය ලෝකයෙන් මිදී සියල්ල තමා නො වේ යැයි කල්පනා කරන පුද්ගලයා
ජීවිතයේ සැබෑ ආධ්‍යාත්මික සුන්දරත්වය විඳී, එබඳු සුන්දරත්වයක් විඳින
තැනැත්තා පිරිසක් අතර වුවද, නිර්භීතව, විශාරදව,මසුරු බවින් තොරව කටයුතු
කළ හැකි අයකු බවට පත්වෙයි. විසාරදෝ හොති නරො අමච්චරී” එවිට ඔහු
පරිත්‍යාගශීලි පුද්ගලයෙක් බවට පත්වෙයි. මසුරු බවේ ප්‍රතිවිරුද්ධ
ක්‍රියාව පරිත්‍යාගයයි. නො මසුරු පුද්ගලයා සරත් ඍතුව බඳුය. හෙතෙම
සෞම්‍ය අයෙකි. කිසියම් පුද්ගලයකු මේ ලෝකයෙහි මනුෂ්‍ය ආත්මයක් ලැබ පහවූ
මසුරු මල ඇත්තේ බුද්ධ, ධම්ම,සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව
උපදාව ගෙන අත්‍යන්ත ගෞරවයෙන් යුක්තව දහම්සොඬ රජු මෙන් ක්‍රියා කරයි.
එබඳු පුද්ගලයා මේ විශ්වයේ කොතැනක ඉපදුණ ද ඒ සැම තැනදීම බැබලීමට පත්වේ. |