අසූමහා
ශ්‍රාවක
චරිත 16
බුදුරදුන් ගොඩ නැඟු
ධර්ම රාජ්‍යයෙහි මහ ඇමැතිවරු
කෝළිවිස සෝණ මහරහතන් වහන්සේ
සද්ධර්ම කීර්ති ශශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පටන් ගන්නා ලද වීර්ය ඇති භික්‍ෂූන් අතර
කෝළිවිස කෝණ රහතන් වහන්සේ අග්‍රස්ථානයට පත් වු බව චරිත කථාවෙහි සඳහන්
වී තිබෙනවා. පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ දී නියත විවරණ ලබා එතැන්
පටන් මේ උතුම් අගතනතුරට පත්වීම දක්වා මහා පින්කම් රාශියක් සිදු කළා.
විශේෂයෙන් කාශ්‍යප බුදුරදුන්ගෙන් අනතුරව එක් ආත්මයක බරණැස් නුවර උසස්
කුලයක ඉපිද කුඩා කල යාළුවන් සමඟ එක්තරා දිනක ගංගානම් නදියෙහි ජල
ක්‍රීඩාවට ගියා..මේ අවස්ථාවෙහි දිරා ගිය සිවුරු ඇති පසේ බුදුවරයෙකු වස්
එළඹීම සඳහා අසපුවක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය සොයමින් වැඩම වන බව මේ කුඩා
යහළු පිරිස දැනගත්තා. තවදුරටත් තොරතුරු විමසා බලා හෙට දවසෙහි අසපුවක්
සාදා දෙන බවට යහළු පිරිස උන්වහන්සේට පොරොන්දු වුණා.
පසු දින පසේ බුදුරදුන්ට ප්‍රධාන කුමරුවාගේ නිවසෙහි දානය පූජා කර
අනතුරුව වස්කාලය මුළුල්ලේ ම තම නිවසෙන් දානය පිළිගන්නා මෙන් ආරාධනා
කළා. එයින් නොනැවතී යහළුවන් සමඟ එකතුවී වස් විසීමට සුදුසු පන්සලක් ද
ඉදිකොට දුන්නා. පන්සලට වඩින විට පසේ බුදුරදුන්ගේ දෙපා වල මඩ තැවරීම
වළකනු පිණිස රන් කම්බිලියක් පාවාඩයක් වශයෙන් බිම ඇතිරුවා. පසේ
බුදුරදුන් එම රන්කම්බිලිය මතින් වඩින විට උන්වහන්සේගේ දෙපා සහිත සිරුර
ද මැනවින් බබළන්නට පටන් ගත්තා. මෙය දුටු ප්‍රධාන කුමරුවා මේ පිනෙන් මතු
භවයෙහි මගේ ද පතුල් සහිත සිරුර මේ අන්දමටම බැබළේවා.පසේ බුදුරදුන්ගේ
සිරි පතුල් තැබීමෙන් මෘදු පහසක් ඇති වූයේද මේ පිනෙන් මගෙ ස්පර්ශයද
වඩාත් මෘදු වේවා යි ප්‍රාර්ථනා කළා. මේ අන්දමට වස් කාලය සිවු පසයෙන්
උපස්ථාන කර අවසානයෙහි තුන් සිවුරු ද පිළිගැන්වුවා.
අප බුදුරජාණන් වහන්සේගේ අවධියෙහි ඉන්දියාවෙහි කාලචම්පා නම් නගරයෙහි උසහ
නම් සිටුවරයාට දාව බිරියගේ කුසෙහි පිළිසිඳ ගැනීමත් සමඟ සිටු පවුලට
පමණක් නොව නුවර වැසියන්ට ද මහත් සැප සම්පත් ලැබෙන්නට පටන් ගත්තා.ඒ
කුමරුවා ඉපදීමෙන් පසු බබළන සිරුරකින් යුක්ත වූ නිසා සෝණ යන නම තැබුවා.
මේ කුමරුවාට කිරි මවුවරු සැට දෙනෙක් උපස්ථාන කිරීමට සිටියා. ඒ
කුමරුවන්ට බත් සැපයෙන කුඹුරට කිරිය සහ සුවඳ යෙදුවා. වී දාන ගබඩාවටත්
සුවද ආලේප කළා පමණක් නොවෙයි වී වලටත් සුවඳ මුසු කළා. මෙසේ සකස්කොට ගත්
සහලින් තැනූ දිය නොමුසු ආහාර රන් තලියකින් පිළිගත් සිටු කුමාරයාගේ අල්ල
සහ යටිපතුල් වද මල් වැනි පැහැය ගත්තා. සිරුර මෘදු පුළුන් හා සමාන වූවා.
සියලු දැසි දස් කම්කරුවන් සෑම විටම කීකරුව සිටියා. මේ කුමාරයාට ජීවත්
වීමට සුරුපී නළඟනන්ගෙන් පිරුණු තුන් ඍතුවම ගැළපෙන මන්දිර තුනක් තිබුණා.
දිනක් බුදුරදුන් තුන්දොස් කිපීමෙන් රෝගී වුවා. ජීවක වෙදදුරාණන් බෙහෙත්
කළා. එදින බුදුරදුන්ට සුදුසු දානය ලබා ගැනීමට මුගලන් හිමියන් වැඩමවූයේ
මේ කුමාරයාගේ මාලිගාවට, හරි ශ්‍රද්ධාවෙන් මුගලන් හිමියන් මාලිගාවේ දීම
දන් වළදවා අනතුරුව බුදුරදුන්ට ඉතා සුදුසු සේ දානය පිළියෙළ කර පූජා කළා.
එදා ලැබුණු දානයෙන් මුළු වෙහෙරම සුවඳවත් වූවා.මේ ආහාර දිව්‍ය ආහාරදැයි
එහි සිටි බඹසර රජතුමා විමසුවා. එවිට බුදුරදුන්ගේ පිළිතුරු වූයේ ඔබේම
රටේ ජීවත් වන සෝණ සිටාණන් සඳහා පිළියෙළ කළ ආහාර බවයි. මෙසේ පිළිතුරු
දීමෙන් නො නැවතුණු බුදුරදුන් රජතුමාට ද ඒ ආහාර වේලෙන් කොටසක් පිරිනමන
ලද්දේ අනාගතයෙහි ඔහුගෙන් සිදුවන උසස් වූ සේවාව දිවසින් දුටු නිසාය. මෙසේ
තමන්ට ලැබුණූ ආහාරයෙන් කොටසක් රජතුමාට පරිත්‍යාග කිරිම ශාසන ඉතිහාසයෙහි
සුවිශේෂ සිදුවීමක්. තමන්ගේ සිවුර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දී
උන්වහන්සේගේ සිවුර බුදුරදුන් පෙරවීම සඳහා ගැනීමේ සුවිශේෂ අවස්ථාව ද අපට
මෙහිදී සිහියට නැගෙනවා.
ටික කලකට පසු බුදුරදුන් වෙත ගොස් බණ ඇසූ සෝණ සිටුතුමා පැහැද
මවුපියන්ගෙන් අවසර ගෙන පැවිද්ද ලබා ගත්තා.එතුමාගේ ගෝත්‍ර නාමය වූ
කෝළිවිස යන්නත් බබළන සිරුර නිසා උපතේ දී තැබූ සෝණ යන නමත් එක්කොට
කෝළිවිස ලබා ගත් මේ සෝණ හිමියන් කමටහන් ගෙන භාවනා කිරීම සඳහා සිතා වනයට
වැඩියා. උපතේ සිට පා ඉතා සියුමැලි නිසා සක්මන් භාවනාව කරණ විට දෙපයේ
දිය බුබුළු නැග පිපිරී ලේ ගලන්න පටන් ගත්තා. මළුව ලෙයින් තෙත් වූවා.
දැඩි ධෛර්යකින් භාවනා කළත් මඟඵල ලබා ගැනීමට අපහසුවී කළකිරි නැවත ගිහි
වන්නට සිතුවා. මේ අදහස දැනගත් බුදුරදුන් භික්‍ෂුන් පිරිවරාගෙන සෝණ
හිමියන් වෙත වැඩමවූවා. එහිදී වයලීනාවේ තත් ලිහිල් කළ කල්හි හඬ
මිහිරිදැයි වීනා වාදනයේ දක්‍ෂව සිටි සෝණ හිමියන්ගෙන් විමසුවා. නැත යන්න
උන්වහන්සේගේ පිළිතුරයි. තත් දැඩි කළ කල්හි හඬ මිහිරි වන බව සෝණ
හිමියන්ගේ පිළිතුර වුණා. එවිට බුදුරදුන් සිත දැඩි කොට වීර්යයෙන් කමටහන්
වැඩූ කල්හි මගඵල ලබන බව පෙන්නා දුන්නා. ඒ අනුව භාවනා කර කෝළිවිස සෝණ
හිමියන් උතුම් වූ රහත් භාවයට පත් වුණා.
අසූමහා ශ්‍රාවක චරිත 15 |