Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගෙලිඔය නව ඇල්පිටිය ශ්‍රී ධර්මවර්ධනාරාමය


චෛත්‍යය

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වසර 60කට වඩා පැරැණි විහාරස්ථානයකි. ගෙලිඔය නව ඇල්පිටිය ශ්‍රී ධර්මවර්ධනාරාමය 1952 ආරම්භ කර ඇත. ගෙලිඔය දුම්රිය ස්ථානය අසළ කඳු ගැටයක පිහිටා ඇති ගෙලිඔය කළුගමුව/නව ඇල්පිටිය ගම්වල සිංහල, මුස්ලිම් ගම්වාසීන් ගේ පුදබිමක් බවට පත්ව ඇත.


විහාරාධිපති
ගම්පොලවත්තේ ආනන්ද හිමි

1947 ගංවතුරෙන් පසු ඇල්පිටිය ගම්වාසීන් හට බෙදා දුන් ජනපදයේ විහාරස්ථානය ආරම්භ කරන ලදී. පසුව නවඇල්පිටිය ගම්වාසීන් විසින් සමඟ එකමුතු සංවර්ධන සමිතිය නමින් සමිතියක් පිහිටවා ගන්නා ලදී. එහි ප්‍රථම විහාරාධිපති වූයේ අපවත් වී වදාළ උඩදෙණියේ ධම්මාචාර මහා නා හිමියන්ය.

ජනපදය තුළ ජීවත් වූ ගම්වාසින් ගේ සහයෝගයෙන් විහාරස්ථානය සංවර්ධනය වීමට පටන් ගන්නා ලදී. විහාර මන්දිරය 1965 දී පොදු මහජනතාවට වැඳීමට සුදුසු පුදබිමක් බවට පත්කරන ලදී. ගම තුළ වෙසෙන සිංහල මුස්ලිම් දෙපිරිසම මෙම පුද බිම සකස් කර ගැනීමට අත හිත ලබා දුන්නහ.

1982 මෙම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස පත් වූ ශාස්ත්‍රපති ගම්පොළවත්තේ ආනන්ද ස්වාමීන් වහන්සේ මෙම විහාරස්ථානය ට අඩුවක්ව පැවැති බුදුමැදුර /දෙමහල් ධර්ම ශාලාව /දෙමහල් සංඝවාසය විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කරන ලදී.

බෝධි ප්‍රකාරය ශ්‍රී ධම්මාචාර දහම් පාසල ආරම්භ කරමින් ගම්මානයේ කුඩා දරු දැරියන්ගේ අනාගතය යහපත් කිරීමට පියවර ගන්නා ලදී. අද වන විට දරුදැරියන් 350 ක් පමණ දහම් අධ්‍යාපනය ලබති. විහාරාධිපති හිමියන් සමඟ ගම්පොල වත්තේ අනුරුද්ධ හිමි හා නුගගොල්ලේ සීවලී හිමියන් සමඟ විහාරස්ථානයේ දියුණුවට සංවර්ධන කටයුතු රැසක් කරන ලදී.

එයට අමතරව සෑම පොසොන් පෝයකටම මිහිඳු පෙරහරක් පැවැත්වීම දායක සභාව සංඝමිත්තා කුළඟන සමිතිය, මරණාධාර සමිතිය වැනි සමිති ආරම්භ කරමින් ගමේ දියුණුවත් විහාරස්ථානයේ දියුණුවත් සමඟ නව ඇල්පිටිය කනිටු විදුහල විහාරස්ථානයේ ආරම්භ කිරීම සඳහා කටයුතු කරන ලදී.

 

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.