බස්නාහිර පළාතේ ඉදි වූ සැතපෙන
පිළිම වහන්සේ
මඩපාත ශ්රී ශෛලතලාරාම පුරාණ මහා විහාරස්ථානයේ ගල්තලාවක්
මත අභිනවයෙන් ඉදි කෙරුණු දිග අඩි හතළිස් හයකින් පමණ
සමන්විත සැතපෙන බුද්ධ ප්රතිමා වහන්සේ පසුගිය මැයි 03 වන
දා විහාරාධිපති මෙඬේරිගම නන්දාරාම හිමියන් ප්රධාන මහා
සංඝරත්නයේ සහභාගීත්වයෙන් ධාතූන් වහන්සේලා හා නිධන් වස්තු
තැන්පත් කිරීමේ පුන්යෝත්සවයෙන් අනතුරුව නිරාවරණය කරන ලදී.
මෙය සාම විනිසුරු මඩපාත විතානගේ මහතාගේ සංකල්පයක් අනුව
දම්පේ එල්. ආරියදාස සිල්වා කලාකරුවාගේ දෑතින් නිර්මාණය වී
ඇත. ඒ සඳහා ඔහුගේ පුතු එල්. ශිවන්ත චිත්ර ගුප්ත සිල්වා
ඇතුළු මාතර අමිල චමත් දයාවංශ හා දම්පේ ජානක විජේවර්ධනගෙන්
සහය ලැබී ඇත. සටහන – චන්දු ලියනආරච්චි |