ශ්‍රද්ධාවෙන්
ප්‍රඥාවට
මාවරලේ
භද්දිය හිමි
බුදුරජාණන්
වහන්සේ ගැන
ශ්‍රී සද්ධර්මය ගැන ආර්ය මහා
සංඝරත්නය ගැන මූලික වශයෙන්
ගැඹූරු අවබෝධයක් සහිතව ඔබ තුළ ඇතිවන්නා වූ
විශ්වාසය තමයි
ශ්‍රද්ධාව ලෙස
හඳුන්වන්නට
පුළුවන්කම තිබෙන්නේ
බෞද්ධයකුගේ මූලික අපේක්‍ෂාව වන්නේ නිර්වාණය අවබෝධ කර ගැනීමයි. නිර්වාණ
අවබෝධය සඳහා ගමන් කරන්නට වීර්ය වඩන බෞද්ධයකු හෝ මනුෂ්‍යයකු විසින්
තමන්ගේ අධ්‍යාත්මය තුළ ගොඩනගා ගතයුතු සංකල්ප අතර ශ්‍රද්ධාව නම් වූ
මනෝභාවයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. බුදුදහම තුළ අර්ථවත්ව තිබෙන පරිදි
ශ්‍රද්ධාව යනු තුනුරුවන් කෙරෙහි පවතින විශ්වාසය, අවබෝධය, සහ පැහැදීම
ලෙස පෙන්වා දිය හැකිය.
බුදුරජාණන් වහන්සේ කසීභාරද්වාජ සූත්‍රයේදී තමන් විසින් කුඹුරු
කර්මාන්තයෙහි නියැළෙන බවත්, තමන්ගේ කුඹුර තුළ ඉසින බීජ ලෙස පෙන්වා දී
ඇත්තේ “ශ්‍රද්ධාව” බවත් එම සූත්‍රය පරිශීලනය කරන විට පැහැදිලි වෙනවා.
නිර්වාණය නමැති ක්‍ෂේත්‍රය තුළ කළ යුතු අත්‍යවශ්‍ය දෙයක් ලෙස ශ්‍රද්ධාව
හඳුන්වා දී තිබෙනවා. බුදුදහමෙහි උගන්වනු ලබන ශ්‍රද්ධා සම්පත්තිය ඉතාමත්
විමර්ශනශීලි දියුණු තර්කාණුකූල භාවයක් මත පදනම් වෙලා ගොඩනැගෙන්නා වූ
මනෝභාවයක් ලෙස අප විසින් අවබෝධ කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ ගැන,
ශ්‍රී සද්ධර්මය පිළිබඳව, ආර්ය මහා සංඝ රත්නය පිළිබඳව බෞද්ධයන් තුළ
ඇතිවන්නා වූ විශ්වාසය පැහැදීම ඇතිකරගත යුත්තේ වීමංසන ගුණයෙන් යුක්තව බව
ධර්මය තුළ ශ්‍රද්ධාව නමැති සංකල්පය විවරණය වී ඇති ආකාරය දෙස බැලීමෙන්
අපට තේරුම් ගත හැකිය. ශ්‍රද්ධාව නමැති මනෝභාවය වැදගත් වන්නේ ඇයි?
බුදුරජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්මය, ආර්ය මහා සංඝරත්නය ඇතුළු
අටස්ථානයක් පිළිබඳ ඇතිවන්නා වූ සැකය විචිකිච්ඡාව නිසා අප මේ සංසාරික
ගමනේ දිගින් දිගටම ගමන් කරමින් සිටිනවා. මෙම විච්කිච්ඡාව හෙවත් සැකය
සම්පූර්ණයෙන්ම දුරුවී යන තුරු කිසිදු පුද්ගලයෙක් අධ්‍යාත්මික දියුණුවට
අවශ්‍ය කරන ගුණධර්ම තමන් තුළ පෝෂණය කරගැනීම සඳහා ඇප කැප වන්නේ නැති
බවයි බුදුසමයේ විශ්වාසය .බෞද්ධ හික්මීමේ මාර්ගයේ ගමන් කරන පුද්ගලයකු
නම් ඔහු විසින් අනිවාර්යයෙන් ම බුදුරජාණන් වහන්සේගේ තිලෝගුරු උතුම්
සම්මා සම්බුද්ධත්වය පිළිබඳව විචිකිච්ඡාවකින් තොරව විශ්වාසයක් තහවුරු
කරගත යුතු වෙනවා. උන්වහන්සේගේ අවබෝධය පිළිබඳ ඇතිවන විශ්වාසය ඒ ගැඹුරු
අවබෝධය තුළ උන්වහන්සේගේ ජීවිතයේ ඇතිවෙච්ච උත්තරීතර මනුෂ්‍ය ධර්මයන්
පිළිබඳව ගැඹුරු විශ්වාසය ඔබ අධ්‍යාත්මිකව විශාල පරිවර්තනයක් සඳහා
ගෙනයාමට උපකාරවත්වන ප්‍රබල සාධකයක්. ශ්‍රී සද්ධර්මය තුළ තිබෙන උතුම්
ශක්තිය, ගැඹුරු අරුත් අවබෝධ කරගත හොත් ලැබෙන්නා වූ ප්‍රතිපල පිළිබඳ
ගැඹුරු විශ්වාසයක් ඔබ තුළ පවතින්නේ නම් ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත බව
අකාලික බව, ඕපනයික බව, ඒහි පස්සික බව පච්චත්තං වේදි තබ්බ බව යන උතුම්
ගුණාංගයන් පිළිබඳ යම් කිසි කෙනෙකු තුළ පවතින ගැඹුරු විශ්වාසයක් ඇති
වුවහොත් ඔහු ස්ථිර වශයෙන් ම එම ධර්මය පුහුණු වනු නොඅනුමානයි. යමකුගේ
සිත තුළ ඇතිවන්නා වූ ගැඹුරු ශ්‍රද්ධාව ගැඹුරු අවබෝධය ඔහු නිර්වාණ
මාර්ගයට පමුණූවනවා. ගුරුවරයකුගේ ඉගැන්වීමක පවතින දාර්ශනික හරය පිළිබඳ
ඇතිවන විශ්වාසයක් සමග එකී ගුරුවරයා වටා ශ්‍රාවකයින් එක් රොක් වෙන්නේ ඒ
ගුරුවරයා අනුගමනය කරන ශ්‍රාවක පිරිසක් ඇතිවීමට ප්‍රධාන හේතුව එම
ගුරුවරයාගේ ඉගැන්වීමයි.
එම ඉගැන්වීම් පිළිබඳව ශ්‍රාවකයාට විශ්වාසයක්
ගොඩ නැගී නැත්නම් එකී ශ්‍රාවකයින් එම ඉගැන්වීම් අනුව තමන්ගේ ජීවිතය
සකසා ගනීවි යැයි විශ්වාස කළ නොහැකිය. එනිසාවෙන් ධර්මය පිළිබඳව එම ධර්මය
අනුගමනය කළහොත් තමන් දුකින් නිදහස් වන බව ස්ථිර වශයෙන්ම ඔබ තුළ ගැඹුරු
විශ්වාසයක් තිබිය යුතුයි. එලෙස ඇතිවන විශ්වාසය තමයි බුදුදහමේ
ශ්‍රද්ධාවෙන් දෙවන අංගය ලෙස පෙන්වා දී තිබෙන්නේ. තුන්වන කාරණය ආර්ය මහා
සංඝරත්නය පිළිබඳව විශ්වාසයයි. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනු
ලැබූ ශ්‍රී සද්ධර්ම මාර්ගය අනුගමනය කරල උන්වහන්සේ මෙන්ම අධ්‍යාත්මික
දියුණුවේ ඉහළම ප්‍රතිඵල ලැබූ පිරිසක් සිටින බව. ඒ උතුම් මහ රහතන්
වහන්සේලා මේ විශ්වාස තුළ වැඩ සිටින බව උන්වහන්සේලා තුළ තිබෙන
සුපටිපන්න, උජුපටිපන්න ආදි උතුම් වූ උදාර ගුණ සමුදාය පිළිබඳව සැකයකින්
තොරව ඇතිවන්නා වූ ගැඹුරු විශ්වාසයට බුද්ධ ධර්මයේ ආරිය මහා සංඝරත්නය
පිළිබඳව තිබෙන්නාවූ ශ්‍රද්ධාව ලෙස අර්ථකතනය කළ හැකිය. මේ අනුව
බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රී සද්ධර්මය ගැන ආර්ය මහා සංඝරත්නය ගැන මූලික
වශයෙන් ගැඹූරු අවබෝධයක් සහිතව ඔබ තුළ ඇතිවන්නා වූ විශ්වාසය තමයි
ශ්‍රද්ධාව ලෙස හඳුන්වන්නට පුළුවන්කම තිබෙන්නේ. පංචසේඛ බල පිළිබඳව
විග්‍රහ කරද්දී පෙන්වා දී තිබෙන්නේ ශ්‍රද්ධා බලය ඉන් පළමුවැන්න ලෙස,
සංකාරඋත්පත්ති සූත්‍ර දේශනාවට අනුව ත්‍රිපිටකයේ අපට මුණගැසෙන ශ්‍රද්ධාව
සේඛ බලයක්. එය අපගේ නිර්වාණාවබෝධය පිණිස උපකාරවත් වන සේඛ බල පහ අතර
තිබෙන ප්‍රධානතම සේඛ බලය ලෙස පෙන්වා දී ඇත.ශ්‍රද්ධාව නම් වූ සේඛ බලය
තමන් තුළ ගොඩනගා ගැනීමෙන් පසුව තමන් විසින් අධිෂ්ඨාන කරන දේවල් ඒ
ආකාරයෙන්ම සංසාරික ගමනදී අත්විඳීන්නට පුළුවන්කම ලැබෙන බවකි. එකී දේශනා
තුළදී කරුණු පැහැදිලි කරදී තිබෙනවා. ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවේදී
බුදුරජාණන්වහන්සේ අවධාරණය කරදී තිබෙනවා. ශ්‍රද්ධා සම්පත්තිය
මනුෂ්‍යයෙකුගේ අධ්‍යාත්මික සංවර්ධන යේ ඊළඟ භවය වෙනුවෙන් ඇතිකරගත යුතු
සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස එහිදී උන්වහන්සේ සංකල්ප හතරක් දේශනා කර
තිබෙනවා. ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා
ලෙස ගිහියකු ලෙස වුවත් තුණුරුවන් පිළිබඳව විශ්වාසයකින් යුක්තව යම්
මනුෂ්‍යයකු කටයුතු කරනවා නම් ගිහිගෙදර සිට වුවත් අධ්‍යාත්මික සංවර්ධනය
කරා පරලොව සුගතිගාමී බවත් ඇතිකර ගැනීම උදෙසා අවශ්‍ය කරන මූලික අංග
ගොඩනගා ගත හැකි බවයි. ඒ දේශනා තුළ සඳහන් වෙන්නේ.
සමස්තයක් ලෙස බුද්ධ දේශනාව කෙරෙහි අවධානය යොමු කිරීමේදි ශ්‍රද්ධාව නම්
වූ මනෝභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දරා ඇති ස්ථාවරය කුමක්ද?
නිර්වාණාවබෝධය සළසා ගැනීම උදෙසාත් ඉන් මෙපිට භවගාමී ජීවිතය වඩාත්
සුවපත්ව සහ සැපවත් කරගැනීම උදෙසාත් කල්පනා කරන පුද්ගලයකු විසින්
තුණුරුවන් පිළිබඳව අවබෝධය මත පදනම් වූන විශ්වාසයකින් යුක්තව කටයුතු කළ
යුතු බව. එය ධර්මානුකූලව විමසා බලන විට ආකාරවතී ශ්‍රද්ධා යනුවෙන්
හඳුන්වන්න පුළුවන්. ආකාරවතී ශ්‍රද්ධාව සම්පූර්ණ වන විට අපට විචිකිච්ඡාව
නම් වූ මනෝභාවය සම්පූර්ණයෙන්ම ක්‍ෂය වී යන බව අවබෝධ කරගත හැකි. අප
සෝවාන් භාවයට පත්වන විට අපගේ ක්‍ෂය වී යන සීලබ්බත පරාමාස, සක්ඛාය
දිට්ඨි, විචිකිච්ඡා යන මනෝභාවයන් තුන අතරින් විචිකිච්ඡාව යන මනෝභාවය
ක්‍ෂයවී යාමට ශ්‍රද්ධාව නම් වූ සිතිවිල්ල ප්‍රබල ලෙස ගොඩනැගි තිබීම
උපකාරවත් වෙයි. මෙම පොසොන් පොහොය ශ්‍රද්ධාව උපදවා ගැනීම උදෙසාත්
ශ්‍රද්ධාව වඩා වර්ධනය කරගැනීම සඳහාත් තුණුරුවන් පිළිබඳව මෙන්ම කර්මඵල
පිළිබඳව ඕපපාතික සත්වයින් පිළිබඳව එවැනි සත්ව කොට්ඨාස ජීව කොට්ඨාස මේ
ලෝකය තුළත් දිව්‍යලෝක, බ්‍රහ්මලෝක තුළත් සිටින බව අවබෝධයෙන් යුක්තව
විශ්වාස කරන්නට පටන් ගතහොත් නිසැක වශයෙන්ම ඔහු පාපී ක්‍රියාකාරකම්
වලින් වැළකිලා සිල්වතෙක් බවට පත්වනු ඒකාන්තයි.
ප්‍රඥාව නම් වූ මනෝභාවය පිළිබඳව අවධානය යොමුකළ යුතුයි. ශ්‍රද්ධාව මත
පදනම් වී කටයුතු කරන පුද්ගලයකු තුළ පියවරෙන් පියවර ප්‍රඥාව වර්ධනය
වන්නට පටන් ගන්නා ආකාරය ධර්මානුකූල පුහුණුවකදී දැකගන්නට පුළුවන්.
ප්‍රඥාව ලෙස අර්ථකතනය කරගත යුත්තේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ
ඇතිවීමයි. දුකින් නිදහස් වීමට නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව අවිද්‍යාව
අහෝසි වීමෙන් සියලු සංස්කාර අහෝසි වන තත්වයට පත්වන්නේ එකී චතුරාර්ය
සත්‍ය අවබෝධය තුළයි මාර්ගඵල ලාභියකු බවට පත්වීම යනු ප්‍රඥාවන්ත භාවය ඔබ
තුළ ඇතිවීමක් ලෙස සඳහන් වෙනවා. විශ්වයේ පවතින්නාවු ජීවිත අජීවි, භෞතික,
අභෞතික සියලුම පුද්ගල වස්තු ආදි නොයෙක් හේතුප්‍රත්‍යවලින් හටගත්
සියල්ලක්ම අනිත්‍යතාවයට පත්වන ආකාරය ඒ තුළ පවතින්නා වූ සැබෑම ස්වරූපය
වූහ. දුක් සහිත භාවය පිළිබඳව අවබෝධය පියවරෙන් පියවර ලැබීම තුළයි. ඔබට
විදර්ශනා ප්‍රඥාව උදාකර ගන්නට ලැබෙන්නේ. ගැඹුරු ප්‍රඥාව යනු
නිර්වාණාවබෝධයයි. එහිදී අප තුළ ඇති විය යුත්තේ සම්මා දිට්ඨියයි. පහළ
වීමත් සම්මා සංකප්ප ගොඩනැගීමත්ය.
සම්ම්‍යක් දෘෂ්ටිය පහළ වන විට අපට දස වස්තුක වූ මිත්‍යා දෘෂ්ටියෙන් අපේ
මනස වියුක්ත වන්නට පටන් ගනී. දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය තුළ ගිළී
ඉන්නතාක් කල් බුදුන් දහම්, සඟුන්, මෙළොව පරලොව, කරන ලද කර්ම සහ කර්ම
විපාක, ඕපපාතික සත්වයන් පිළිබඳව අපට සැක සංකා තිබෙන තාක් කල්
විචිකිච්ඡාව බලපවත්නා තාක් කල් අපි සම්‍යක් දෘෂ්ටිකයින් බවට පත්වන්නේ
නැහැ. එකී දස වස්තුක මිත්‍යා දෘෂ්ටියෙහි එල්ලී සිටින පුද්ගලයකු කිසි
කළෙකවත් චතුරාර්ය සත්‍යය අවබෝධය තුළින් ලැබෙන විස්මිත ප්‍රඥාව
අත්විඳීම් යැයි සිතිය නොහැකි.
පළමුවෙන්ම ගැඹුරු ප්‍රඥාව අත්විඳීන්නට තමන් තුළ ගොඩනගා ගන්නට සිතන්නා
වූ කෙනකු විසින් නිසැක වශයෙන්ම තමන් තුළ එක දස වස්තුක මිත්‍යා දෘෂ්ටීන්
පිළිබඳව විචිකිච්ඡාව දුරුකර ගැනීමට පළමුවෙන්ම කැපවිය යුතුයි. උතුම්
චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තුළ එකී ගැඹුරු ප්‍රඥාව පුද්ගලයකු තුළ
ඇතිවන බව ධර්මයේ සඳහන් වෙනවා.සෝවාන් භාවයට පත්වීමත් සමග ඒ ප්‍රඥාවේ
ආලෝකය දැල්වෙන්නට පටන් ගන්නවා. අපට දම්සක් පැවතුම් සූත්‍රය තුළදී අඤ්ඤා
කොණ්ඩඤ්ඤ තෙරුන්ට මෙම අවබෝධය පහළ වූ බව සඳහන් වෙනවා.
බෞද්ධයකු සැබෑම ප්‍රඥාවන්තයකු බවට පත්වන්නට උත්සාහ කරනවා නම් ඔහු හෝ ඇය
ගැඹුරින් ත්‍රිලක්‍ෂණය අවබෝධ කරගත යුතුම වෙනවා. ත්‍රි ලක්‍ෂණ අවබෝධයෙන්
තොරව ඇතිවන්නා වු ප්‍රඥාව ධර්මයට අනුව එතරම් දියුණු ප්‍රඥාවක් ලෙස
හඳුන්වන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ප්‍රඥාව සුතමය ප්‍රඥා, වින්තාමය
ප්‍රඥා සහ භාවනාමය ප්‍රඥා වශයෙන් කොටස් තුනකට වෙන් කළ හැකි. අපි යම්
දේවල් පිළිබඳ නිරවුල්ව ඇහුම්කම් දීම තුළ ලැබෙන්නා වු දැනුම සමග අපගේ
සන්තානයෙහි යම් අවබෝධයක් ඇතිවෙනවා. එවිට ඒ ඇතිවන අවබෝධය ඉතාමත්
තාවකාලික ඇතිවන සුතමය ප්‍රඥාව ලෙස සඳහන් වෙනවා. විස්තාමය ප්‍රඥාව යනු
මතය මෙහෙයවා තර්කාණුකූ®ලව සිතීම තුළ ඇතිවන්නා වූ අවබෝධය ලෙස හඳුන්වනවා.
ගැඹුරුම ප්‍රඥාව ලෙස විදර්ශනා භාවනා වැඩිම තුළින් ඇතිවන්නාවූ භාවනාමය
ප්‍රඥාව අපට විමුක්තිය මාර්ග කරා යොමු කිරීමට වැදගත්ම සාධකය වෙයි.
ප්‍රඥාව ඇතිකර ගන්නට නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවෙන්
යුක්තව පියවරෙහි පියවර භාවනාව වෙත යොමු විය යුතු යැයි මේ පොසොන් පොහොය
දිනයේ ඔබ කල්පනා කළ යුතු වෙනවා.
සටහන
හේමමාලා රන්දුනු |