මහින්දාගමනයෙන්උදාවූ පුනරුදය
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා
සංඝ සභාවේ අනුනායක හා
ප්‍රධාන ලේඛකාධිකාරි ශ්‍රී ජයවර්ධනපුර
විශ්ව විද්‍යාලයේ කුලපති
මහාචාර්ය
බෙල්ලන්විල
විමලරතන අනු නා හිමි
ලංකාවේ බුද්ධාගමේ ආරම්භය ගැන කතා කරන විට මහින්දාගමනය නැත්නම් අනුබුදු
මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීම බෙහෙවින්ම වැදගත් වනවා.
මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ අවදියේ මෙරට එක්තරා මට්ටමක
දියුණු සමාජයක් පැවතුණා. විශේෂයෙන්ම පණ්ඩුකාභය රජු සමයේ මෙරට නගර
නිර්මාණය ඉතා ඉහළින් තිබුණු බවට සාක්ෂි තිබෙනවා. ආගමික අංශයෙන් බැලූවිට
බුද්ධාගම මෙරට නොතිබුණ කියන්න බැහැ. බුදු දහමට අදාළ යම් යම්
දැනුම්වත්කම් තිබිල තියෙනව. එය සංවිධානාත්මකව ප්‍රචාරය වූයේ මෙරට මුල්
තැන් බැස ගත්තේ මිහිඳු හිමියන්ගේ ආගමනයත් සමඟයි.
මිහිඳු මහ රහතන් වහන්සේ ගේ වැඩමවීමත් සමඟ 18 කුලයක ශිල්පීන් මෙරටට
පැමිණුනා. මිහිඳු හිමියන්ට අවශ්‍ය වූයේ ඉන්දියාවේ තිබෙන සියලු දේ ඒ
අයුරින්ම මේ රටේ පැලපදියම් කිරීමට නොවෙයි. ශ්‍රී ලංකාවට උචිත පරිදි
සියලු දේ ම රටේ ස්ථාපිත කිරීමයි උන්වහන්සේගේ වෑයම වුණේ.
එමෙන්ම මිහිඳු මා හිමියන් සාර්ථක ධර්ම දූතයන් වහන්සේ නමක්. දුරදක්නා
නුවණින් උන්වහන්සේ කටයුතු කළ බව අපට ඉතාම පැහැදිලියි.එමෙන්ම අලුත්
දහමක් රටක් තුළ ප්‍රචාරය කරනු ලබන විට එය එරට ඇදහිලි විශ්වාස ජීවන
චර්යාවන්ට ගැටලු ඇතිවන ආකාරයට ස්ථාපිත කිරීම අසීරුයි. එමෙන්ම තිබෙන
ආගම් දහම විවේචනය කරල එයට පහර දීල එවැනි දේ කිරීමට බැහැ. පවතිනු ලබන
දෙයට නව අරුතක් ලබා දීල නිවැරැදි දේ සකස් කළ යුතු වෙනවා. එමෙන්ම අලුත්
දහමක් ජනතාව පිළිගන්නේ ඔවුන්ගේ ජීවන රටාව චර්යා ධර්ම පද්ධතීන් හා ආගමික
මත සමඟ යම් ආකාරයක සබඳතාවක් පෙන්නුම් කළොත් පමණයි.
බුදු දහම මේ සියලු කරුණු එකට කැටි කර ඇතිවාක් මෙන්ම හා මිහිඳු මා
හිමියන් එය ජනතාවගේ සිතට නිසි අයුරින් ලබා දුන්න.
ගස් ගල් පර්වත ඇදහූ මෙරට ජනතාවගේ ආගමික කටයුතු වර්ධනය කර අර්ථාන්විත
ආකාරයට වන්දනය හුරු කිරීමට මිහිඳු හිමියන් මහත් වෙහෙසක් ගත්තා. වෘක්ෂ
වන්දනාවට හුරුවූ ජනතාව එයින් ඍජුවම බැහැර කිරීමට උන්වහන්සේ කටයුතු කෙළේ
නැහැ.
ශ්‍රී මහ බෝධිය මෙරටට ආගමනය කර එය ජනතාවට අර්ථාන්විතව ගුණාත්මක
වන්දනාවක් හුරු කළා. බෝධි වන්දනාව ඒ අනුව ජනපි‍්‍රය වුණා. බුදුරජාණන්
වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේ ලෙස ශ්‍රී මහ බෝධිය මෙරට ස්ථාපනය
වුණා. එමෙන්ම මෙරට භාෂාව ධර්මදූත මෙහෙවර සමඟ කඩිනමින් භාවිතා කිරීමේ වැඩ
පිළිවෙළක් උන්වහන්සේ විසින් සලසනු ලැබුවා. මෙරටට පැමිණි බටහිර ජාතින් ඒ
ඒ ආගම් වලට අදාළ සංස්කෘතිද භාෂාව පුද පූජා පැවතුණු ලෙසින්ම මෙරටට
හඳුන්වා දුන්නා.
එහෙත් මිහිඳු හිමියන් ඉන්දියාවේ ආභාසය ඒ අයුරින්ම මෙරට සංස්කෘතියට යොමු
කළේ නැහැ. එම නිසා මෙරට අද දක්වාම පවතින බුදුදහම චිරාත් කාලයක් පැවතීමට
එය හේතුවක් වුණා. මෙරටට ආවේණික බෞද්ධ සංස්කෘතියක් බෞද්ධ සමාජයක්
ගොඩනැඟුණා.
මෙරට වෙහෙර විහාර ගොඩ නැංවීමේදීත් පරිසරය ගැමියාට අදාළ වන අයුරින් එය
නිර්මාණය වුණා. මෙරට කෘෂිකාර්මික සංස්කෘතිය හා ගැබ්ව වැවයි, දාගැබයි,
ගමයි, පන්සලයි, සංකල්පය අනුව කටයුතු සැලසුණා.
ඒ අනුව ශ්‍රී මහා බොධියේ අංකුර දිවයින පුරාම රෝපණය කෙරුණා. බෝධි
වන්දනාව ව්‍යාප්ත වුණා. බෝධියක් ඉදිවූ තැන පන්සලත් පන්සල ඇති තැන ගමත්
ඉදිවුණා. පරිසර හිතකාමී සමාජයක් බිහිවුණා. ගහකොළ ආරක්‍ෂා කිරීමට අපේ ජන
සමාජය හුරුවුණා. භික්‍ෂූන් වහන්සේ වනගතව දිවිගෙවීම නිසා මේ තත්ත්වය
වඩාත් දියුණු තත්ත්වයට පත්වුණා. විශේෂයෙන්ම ථෙරවාදී ත්‍රිපිටකයද
කටපාඩමින් පරපුරෙන් පරපුරට ගෙනයාමේ වගකීම භික්ෂූන් වහන්සේට පැවැරුණා.
ඉන්දියාවෙන් ශිල්පීන් ඇතුළු පිරිස දිගින් දිගටම මෙරටට ගෙන්වා ගැනීමට
මිහිඳු හිමියන් කටයුතු කළේ නැහැ. මෙරට වැසියන් පුරුදු කරලා මෙරට
භාෂාවෙන් ධර්මය ප්‍රචාරය කිරීමට කටයුතු කළා. විශේෂයෙන්ම අරිට්ඨ
ඇමැතිවරයාගෙන් ඇරැඹුණු මෙරට ශාසන ඉතිහාසය අද දක්වාම අඛණ්ඩව පැවතුණේ
මිහිඳු මාහිමියන්ගේ දූරදර්ශී භාවය නිසයි.
එමෙන්ම හෙළ බසින් අටුවා සම්පාදනයේද මෙරට දහම ස්ථාපිතවීම කෙරෙහි බලපෑ බව
කියන්න පුළුවන්.
හෙළ අටුවා මහ අටුවා, කුරුම්බි අටුවා සම්පාදනය කිරීම තුළින් මෙරට දහම්
දැනුම වැඩිවුණා. පාලි භාෂාවෙන් දේශිත බුද්ධ දේශනය අද දක්වාම තියෙන්නෙ
භික්ෂූන් වහන්සේ විසින් මිහිඳු හිමිගේ දහම් දෙසුම ඒ අයුරින්ම නිර්මලව
රැකගෙන ආ නිසයි. මුල් ගෞරවය නැති නොවන ලෙස කාලාන්තරයක් ඉදිරියට ගෙන
යාමට හැකි වන පරිදි බුදු දහමට ස්ථාවරය වැටුණේද මහින්දාගමනය හේතුවෙන්.
අප රටට විවිධ කලාශිල්ප සංස්කෘතිකාංග සඳහා මූලික පදනම වැටුණේ ද
මහින්දාගමනයෙන් පසුවය. ඉන්දීය ආභාසය ලැබුණද මෙරටටම උරුම වූ කලාශිල්ප
බිහිවුණා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික අනන්‍යතාව ඉස්මතු වන්නට වුණා.
එමෙන්ම මෙරට සාහිත්‍යය බෞද්ධ සාහිත්‍ය හා මිශ්‍ර වී ජනතාව අතරට ගියේ
හෙළ සාහිත්‍ය බෞද්ධ සාහිත්‍යයට බව පෙන්නුම් කරමින්.
මෙරට ප්‍රතිමා කලාව ඉන්දියාවේ ප්‍රතිමා වලට වඩා වෙනස්කම් රැසකින් යුක්ත
වුණා. දේශීය ඌරුව අනුව ඉදිවුණ මෙරට බුද්ධ ප්‍රතිමා වල සරල බව ශාන්ත බව
ඉස්මතු වුණා.
ජාතක කතා ආදිය උපයෝගී කරගෙන සිතුවම් කලාවේ දියුණුවක් ඇති වුණා. මෙරට අද
අපේ හෙළ සංස්කෘතිය, කලාශිල්ප පවතින්නේ යම් තැනකද ඒ සියල්ලම
මහින්දාගමනයේ ප්‍රතිඵලයන්දඅපගේ භාෂාව, සමඟිය සදාචාරවත් බව මෙන්ම යහපත්
ආර්ථික ක්‍රමවේදයකට පවා මඟ පෑදුණේ මහින්දාගමනය නිසාය.මේ උතුම් පොසොන්
පොහෝ දින අනුබුදු මිහිඳු මා හිමියන් අප ධාර්මික අනුස්මරණයක් කරාගෙන
ගොස් උගත් සිත් උපදවා උන්වහන්සේ ගුණ සිහි කළ යුත්තේ එහෙයිනි.
සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර |