Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වස් විසීම

ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලාරාමාධිපති, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනායක හිමියන් විසින් භාෂාන්තර විශාරද, අග්ගමහා පණ්ඩිත, දවුල්දෙන ශ්‍රී ඥානේශ්වර උත්තරීතර මහානායක මාහිමිපාණන් ප්‍රධාන පාර්ශවීය මහානායක මා හිමිපාණන්ගේ අනුමැතිය පරිදි 2012 ඇසළ මස වස් සමාදන් වීම පිළිබඳව පහත සඳහන් නිවේදනය නිකුත් කර ඇත.

2012 වර්ෂයේ ඇසළ මස පුන් පොහෝදා එනම් ජුලි මස 3 වැනි කුජ දින පොහොය විනයකර්ම කොට ඇසළ පුර පසළොස්වක් පොහෝ දිනට පසුදින එනම් ජුලි 4 වැනි බුද දිනට යෙදෙන පෑලවිය දා මෙවර වස් සමාදන්වන මෙන්, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් ගරුතර මහා සංඝයා වෙත දන්වා සිටිනු ලැබේ.

පෙරවස් පවාරණය 2012 සැප්තැම්බර් මස නොහොත් බිනර මස 29 දිනට යෙදෙන පුර පසළොස්වක් පොහෝ දා පොහොය විනය කර්ම කොට, වස් පවාරණය කළ යුතුව ඇත.

මෙවර අගෝස්තු මාසයේ 1 වැනිදාට සහ අගෝස්තු 31 වන දිනට පොහොය දෙකක් යෙදී ඇති හෙයින් අධි වර්ෂයකි. මේ පිළිබඳව නිශ්චිත පොහොය දින ගැන සාකච්ඡා කිරීමෙන් පසුව නියමිත පරිදි ජුලි 4 වන දින වස් සමාදන් වීමට සම්මත කරගත් බව ගරුතර අපේ මහා සංඝරත්නය වෙත දැනුම් දෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත. සම්ප්‍රදායානුකූ®ලව වෙසක් පොසොන්, ඇසළ වශයෙන් පොහෝ දින පිළිගන්නා ලදී.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.