Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

දැහැනැග්ගම විමලනන්ද හිමි

නෙළුන්දෙණිය, ඓතිහාසික මාම්පිට වළගම්බා පුරාණ ගල්ලෙන් රජමහා විහාරය අලව්ව කෝදාපාදුව ශ්‍රී බෝධිරුක්ඛාරාමය, නෙළුන්දෙණිය, වැරැල්ල, ඉහළගම ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය, වැල්ලවාය හඳපානාගල පුබුදුවැවගම කණබිසවාරාම රජමහා විහාරය යන විහාරයන්හි විහාරාධිපති සතර කෝරල මහ දිසාවේ බෙලිගල් කෝරලේ ප්‍රධාන සංඝනායක, ශාසන කීර්ති ශ්‍රී සිද්ධාර්ථ සීලරතන මේධංකර, සමාජවේදී විනයාචාර්ය රාජකීය පණ්ඩිත යටිගල්ඔලුවේ විමලරතනාභිධාන නාහිමියන් ගේ ශිෂ්‍යන් වන කෑගල්ල, වෑවලදෙණිය ශ්‍රී මහින්දෝදය මහා පිරිවෙනෙහි උසස් අධ්‍යාපනය හදාරන තඹුත්තේගම සීලවිමල හිමියන් හා කෑගල්ලේ නාපේ ශ්‍රී සීලානන්ද මහා පිරිවෙනහි අධ්‍යාපනය ලබන දැහැනැග්ගම විමලනන්ද හිමියන් මැයි මස 24 වන දින මහනුවර අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබේ.




 


තඹුත්තේගම සීලවිමල හිමි

තඹුත්තේගම සීලවිමල හිමියන් අනුරාධපුර බැඳිවැව පදිංචි හේරත් මුදියන්සේලාගේ වසන්ත හේරත් හා තෙන්නකෝන් මුදියන්සේලාගේ විනීතා තෙන්නකෝන් දම්පතින්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නයන වේ.

දැහැනැග්ගම විමලනන්ද හිමියන් කුරුණෑගල පොල්පිතිගම පදිංචි දිසානායක මුදියන්සේලාගේ දිසානායක හා දිසානායක මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකා යන දම්පතීන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වේ.

උන්වහන්සේලා පිළිගැනීමේ උත්සවය මෙම 25 වනදා පස්වරුවේ මාම්පිට විහාරයේ දී පැවැත්වේ.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.