Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බෝධි මහා විහාරයේ සැතපෙන පිළිම වහන්සේ නිරාවරණය කෙරේ

කුරුණෑගල යග්ගල්පිටිය ශ්‍රී සම්බෝධී මහා විහාරස්ථානයට වසර 25 ක් සපිරෙන මේ මස 13 වැනිදා සිදුවන අතර ඒ නිමිත්තෙනක් සහ විහාරාධිපති වැලිවෙහෙර ඤාණින්ද හිමියන්ගේ 80 වැනි ජන්ම දිනයද සමරමින් පින්කම් මාලාවක් පැවැත්වෙයි.

මේ මස 5 වැනිදා පැවැත්වූ පින්කම් මාලාවේ අවසාන පූජෝත්සවය පැවැත්වෙන්නේ 13 වැනිදාය. 12 වැනිදා අද දින පස්වරු 7 ට ’ශ්‍රී සම්බෝධි උදානය’ සමරු ග්‍රන්ථය එළි දැක්වෙන අතර දහවල තෛනිකායික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ. 13 වැනිදින පස්වරු 3.00 ට කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද නා හිමි ප්‍රධාන මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ආචාර්ය අනිල් කේ. සේනාධීර හා එම මහත්මිය ඇතුලු සම්භාවනීය ආරාධිත අමුත්තන් ප්‍රථම මල් පහන් පූජා සිදු කරමින් අභිනවයෙන් ඉදිකළ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.