Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් බුදුසරණ මෙහෙයවන උතුරුමැද පළාතේ කථික තරගය 19 වන දා

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ඓතිහාසික මිහින්තලා පුදබිමේ දී වාර්ෂිකව පවත්වන මිහින්තලා ආලෝක පූජාව 50 වන වරටත් මෙම පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වේ. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් උතුරු මැද පළාතේ පාසල් හා දහම් පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කථික තරගය මෙම 19 වන දා මිහින්තලේ මහා විද්‍යාලයේ දී පැවැත්වේ. එම කථික තරගය කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ දෙඅංශයෙන් පැවැත්වේ. බුදුසරණ පුවත්පත මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් එම කථික තරගය පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.