Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

එලුකැටිය ශ්‍රී බිම්බාරාම මහා විහාරය


විනාශයට ලක්වෙමින් පවතින වියන් චිත්‍ර


 

හබරාදුව එලුකැටිය ශ්‍රී බිම්බාරාම මහා විහාරය මතුපරපුරට අහිමි වෙමින් පවතී. ඒ නිසා මෙම විහාරය රැකදෙන ලෙස විහාරාධිපති දෙනිපිටියේ ඛේමානන්ද නායක හිමියෝ වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටිති.

විහාරස්ථානයේ සියලුම විහාර අංග අද වන විට විනාශ වෙමින් පවතියි. විහාරයෙහි ගොඩනැඟිලිවල වහලවල් කැඩී බිඳීගොස් ය. උළු කැට බිඳී වැසි ජලය ශාලාවලට වැටෙයි. ඒ නිසා බිත්ති පුපුරා ඉරි තලා ගොඩනැගිලි බිමට වැටීමට ආසන්නව පවතියි.

නුවර යුගයට අයත් බිතු සිතුවම් විනාශ වීම කණගාටුදායකය. 1870 දී පමණ සකසන ලද පිරිත් මණ්ඩප්පය අගනා කැටයමින් සුසැදි කලා මණ්පයකි.

එය ලී කැටයමින් සරසා නිමවා ඇත. පැරණි ලී කැටයමින් නිමවන ලද මහා පුස්තකාලය ප්‍රදේශයට විශ්වවිද්‍යාලයක් බඳුය. මෙය ජනතාව ප්‍රයෝජනයට ගනිති. මෙහි කැටයම් කළුවර ලීයෙන් සකසන ලදී පඩි පෙළ ද ඉහළ මාලය ද කැඩී බිඳී ගොස් ඇත.

ගාල්ල උනවටුන යටගල රාජමහා විහාරයෙහි පිළිම නෙලා ඇත්තේ මෙම විහාරයේ සිට ය. ඒ නිසා මෙම වෙහෙර බිම්බාරාමය නම් වූ බව විහාරවාසී මාකලන්දල තුසිතවංශ හිමියෝ අප සමග පැවසූහ. බිම්බාරාම විහාරය ඓතිහාසික ආගමික කලාත්මක අගයෙන් සපිරි විහාරස්ථානයකි. මෙවන් විහාරස්ථාන රැක ගැනීම අප කාගේත් යුතුකමක් වෙයි.


බුදු මැදුර

 

 

 

 





 


සායම් ගැලවී ඇති පැරැණි සිතුවම්

පැරැණි පිරිත් මණ්ඩපය

 

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.