Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැකිරාවේ අලෙවි නියෝජිතගෙන් බුදුසරණ 1200 ක් ධර්ම දානයට

කැකිරාව, පුවත්පත් අලෙවි නියෝජිත සංජීව ෆාමසි සහ පොත්හල අධිපති සාමවිනිසුරු කේ.එච්.වීරසිංහ මහතා සහ එම මහත්මිය විසින් කැකිරාව ප්‍රදේශයේ විහාරස්ථාන රාශියකදී බුදුසරණ පුවත්පත් 1200 ක් ධර්මදානය පිණිස එම විහාරස්ථාන වල පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙත පිරිනමනු ලැබේ.

28 වන වරටත් ධර්ම දානමය පින්කම වෙසක්පුර පසළොස්වක් පොහෝ දින මලව ඔරුගල්සෑය රජමහා විහාරය, කැකිරාව බෝධිරාජාරාමය, නීකිණියාව පුරාණ රජමහා විහාරය, සඳගල්පාය රජමහා විහාරය, කිණිහිරිකන්ද රජමහා විහාරය, මල්දෙණිපුර මෙත්තාරාමය, මල්දෙණිපුර විශුද්ධාරාමය, මහ කැකිරාව විහාරය, තිබ්බටුවැව බෝධිරුක්ඛාරාමය, සූරියගම ශ්‍රී සුමංගලාරාමය, ඇගලමුව ශ්‍රී දේවතිස්ස රජමහ විහාරය, නාමල්පුර විශුද්ධාරාම ටැම්පිට විහාරය සහ කිණිහිරිගම ශ්‍රී ජයසුමනාරාමය යන විහාරස්ථානයන්හී දි සිදු කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.