Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දානයට බුදුසරණ බෙදා දෙයි

මහවෙල

මිය ගිය පියාටත් නැන්දම්මාටත්, අපවත් වී වදාළ විහාරාධිපති පඤ්ඤාසාර හාමුදුරුවන් ඇතුළු රෝගාතුරව සිටින අම්මාට නිරෝගී සුවය ද පතා මෙවර මහවෙල වෙහෙරගල විහාරස්ථානයේ දී දහම් පඬුරක් වශයෙන් බුදුසරණ පත්‍ර බෙදාදීමට කටයුතු කර ඇත.

බෙලිගල

වෙසක් උත්සවය වෙනුවෙන් බෙලිගල ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ සහ මැටියගනේ බුද්ධරක්‍ඛිත ආශ්‍රම සේනාසනයේ සිල් සමාදන් වන සියලු සැදැහැවතුන් උදෙසා නොමිලයේ බුදුසරණ පුවත්පත බෙදාදීම 20 වෙනි වරට ද සිදු කැරේ. ධර්මදානය පතා බෙලිගල වෑකඩ පදිංචි ඒ.ඇස්. අමරසිංහ මහතා විසින් එම පුවත් පත පිරිනැමේ. ජනාධිපතිතුමා ඇතුළු රජය කරවන සියලුදෙනාටත් සමස්ත ශ්‍රී ලංකාවාසී සෑම දෙනාවෙත ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ද ප්‍රාර්ථනා කැරේ.

ලියනගෙදර

අගලවත්ත ලියනගෙදර කේ.ඩී.ලලිත් මිත්‍රරත්න විසින් 25 වන වරටත් වෙසක් පොහොය නිමිතිකරගෙන ධර්ම දානය පිණිස බුදුසරණ පත්‍ර බෙදාදීම මෙවරද, අගලවත්ත ලියනගෙදර සමරවීර ශ්‍රී වර්ධනාරාමය, යටියන ශ්‍රී වර්ධනාරාමය, යටියන වැඩිහිටි නිවාසය යන ස්ථානවලදී, පින්වත් කිහිප දෙනෙකුගේ ආධාර ඇතිව සංවිධානය කර ඇත.

සීනිගොඩ

සීනිගොඩ මව්පිය පූජා උපහාර අටවිසි බුදු මැදුරේ දී මෙම වෙසක් සතිය තුළ අටවිසි බුද්ධ පූජාවක් පැවැත්වේ. ඒ සඳහා පැමිණ වන්දනා කරන සියලු දෙනා වෙත ද වෙසක් පෝය දින බුදුසරණ පත්‍රය බැගින් බෙදාදීමට බුදු මැදුරේ නිර්මාතෘ පියදිගමගේ චන්ද්‍රපාල මහතා විසින් කටයුතු සංවිධානය කර ඇති අතර වෙසක් පෝය දින අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසලදී සිල් සමාදන් වන අයට ද වෙසක් බුදුසරණ පත්‍ර 500 ක් බෙදා දීමට කටයුතු සලසා ඇත.

එම සියලු පින් 1985 මැයි 14 අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසලදී වෙඩි වැදී මිය ගිය මෑණියන් වූ ඇස්.කේ. රැන්සි නෝනා මහත්මියට සහ 1964/12/14 දින මිය ගිය පියාණන් වන පියදිගමගේ චාර්ලිස් සිල්වා මහතාට ද 1992 /04/19 දින මිය ගිය සොහොයුරු පී.ජී.ද සිල්වා මහතාට ද පින් පිණිස එම බුදුසරණ පත්‍ර ධර්මදාන පූජාව 1987 වර්ෂයේ සිට පියදිගමගේ චන්ද්‍රපාල සිල්වා මහතා විසින් සිදු කරනු ලැබේ.

ඇල්පිටිය

බුදුසරණ පත්‍ර 500 ක් හා දිණමිණ වෙසක් කලාප බෙදාදීමක් මෙවර ඇල්පිටිය ඉඹුලපිටිය සමූහ ව්‍යාපාරයේ අධිපති ජිනසේන හොරවලවිතාන මහතා ඇතුළු දූ දරුවන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබයි. තම මිය ගිය දෙමාපියන් හා ඥාතීන්ට පින් පතා පුරා වසර 24 ක් කරගෙන යනු ලබන බුදුසරණ පත්‍ර බෙදාදීම හා වෙසක් කලාප ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානයන් වල උවැසි උවැසියන් හට බෙදාදීම මෙදින සිදු කරනු ලබයි.

පන්නල

පන්නල ශ්‍රී දේවරාජාරාමය මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් (05) දා වෙසක් පොහෝ දින දවස පුරා පින්කම් රැසක් සංවිධානය කර ඇත. විහාරාධිපති තම්මිට පියනන්ද විහාරාධිකාරී පන්නල ජාතික පාසලේ ආචාර්ය මොරගොල්ලේ විජිත හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව හා ශ්‍රී සීලානන්ද දහම් පාසල් මෙම පින්කම් සංවිධානය කර ඇත. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා අටවිසි බෝධි පූජා, දන්සල් විහාරස්ථ පරිශ්‍රයේ දී පැවැත්වේ. මෙදින සිල් සමාදන් වන උවැසි උවැසියන් සඳහා ‘බුදුසරණ’ පුවත්පත නොමිලේ බෙදාදීමට ද කටයුතු යොදා ඇති අතර දායක සභාවේ සභාපති ඩබ්.ඒ. ගුණසිංහ සම ලේකම් රෝහණ රවීන්ද්‍ර මහත්වරු බුදුසරණ බෙදාදීම සඳහා දායකත්වය සපයා ඇත.

කුරුඳුගහ හැතැප්ම

කුරුඳුගහ හැතැප්ම අවට විහාරස්ථානයන්හි හා ජයබිම ගලගොඩඅත්ත සමාධි විවේක සේනාසනයේ පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන් සඳහා වෙසක් පොහෝ දින ‘බුදුසරණ’ පුවත්පත් ධර්ම දානය වශයෙන් බෙදාදීමට කටයුතු යොදා ඇත.

කුරුඳුගහ හැතැප්මේ සෝමදාස නානායක්කාර මහතා විසින් පරලෝ සැපත් තම දෙමව්පියන්වන එන්.ඩබ්.ජී. පියසේන මහතා සහ එම්.එම්. විතානාච්චි මහත්මියට පින් පිණිස දාහතරවන වරටත් එම ‘බුදුසරණ’ ධර්මදානය සිදු කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.