Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අම්පාර, කොක්නහර, 30/ඒ/216 නිවසේ ස්ථිර පදිංචි ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු තිස්හත් හැවිරිදි එක්දරු පියෙකු වන යූ.එම්.ජී.එම්. පත්මසිරි මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බවත්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි ඉක්මනින් ‘ඕ’ පොසිටිව් ලේ වර්ගයේ එක් වකුගඩුවක් හෝ බද්ධ කළ යුතු බව කොළඹ මාලිගාවත්ත වකුගඩු බද්ධ කිරීම් ඒකකයේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයා නිර්දේශ කර ඇත. එම නිසා ‘ඕ’ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වෙත්නම් එය ලබාදෙන ලෙස බිරිඳ ඉල්ලා සිටී. දුරකථන අංක 071 8027361 – උපාලි, 071 8961159 – ආරියවංශ වේ.


දෙහිවල අත්තිඩියේ පදිංචි 38 වියැති ඉඳුනිල් ආරියරත්න මහත්මියට ‘ඕ’ පොසිටිව් හෝ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කළ යුතු බවට මාළිගාවත්ත වකුගඩු බද්ධ කිරීමේ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා නිර්දේශ කර ඇත. ඒ සඳහා පරිත්‍යාගශීලියෙක් හෝ හිමිනමක් වෙතොත් පහත සඳහන් දුරකතනයට අමතන ලෙස ඒ මහත්මිය ඉල්ලා සිටියි. දුරකතනය 077- 9724595


මහනුවර කටුගස්තොට කළුගලවත්ත 105/19 පදිංචි වසර 19 ක් ක්‍රියාන්විත රාජකාරියේ නියුක්තව සිටි වයස අවුරුදු 47 ක් වූ දෙදරු පියෙක් වන ආර්.එම්. සුනිල් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව පවසයි. මේ සඳහා පරිත්‍යාගශීලියෙකු වේ නම් 075 5610058, 0813993682 අංක වලට අමතන මෙන් ඉල්ලා සිටී. බෙහෙත් වර්ග සඳහා විශාල මුදලක් වැය වන බැවින් කටුගස්තොට මහජන බැංකු ගිණුම් අංක 089 – 2 – 001- 7 – 0011882 ට බැර කරන ලෙස ද කාරුණිකව ඉල්ලා සිටිමි.


අංක 722/1 නල්ලුරුව, පානදුර යන ලිපිනයේ පදිංචි එම්.පී. අයේෂ් ධනුෂ්ක පීරිස් (අවු. 21) නමැති අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නම් ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඔහුට බද්ධ කිරීම සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර ඒ සඳහා කැමති පරිත්‍යාගශීලියකු වේ නම් ඉහත සඳහන් ලිපිනයට හෝ අංක 077 3834075 දරන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.