Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර සහ මල්වතු අස්ගිරි මහා විහාර උපසම්පදා මංගල්‍යය

වෙසක්පුර පසළොස්වක පෝයදින ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් මහා පෙරහර සම්ප්‍රදායානුකූලව විදී සංචාරය කෙරේ. මෙදින සවස ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් පිටත්වන වෙසක් මහා පෙරහර මාලිගා චතුරශ්‍රයට පිවිස වීදි සංචාරය කර වහල්කඩ අබියසයෙන් ගෙවදී.

පෙරහර කරඬුව වැඩමවාගත් ඇත්රාජා ප්‍රධාන මාලිගාවේ ඇත් පන්තියේ අලි ඇතුන් ඇතුළු ශ්‍රී දළදා මාලිගාවේ සංස්කෘතික කලාකරුවන් හේවිසි කණ්ඩායම් සම්ප්‍රදායානුකූලව එම පෙරහරට සහභාගි වෙති.

වෙසක් පෙරහර ආරම්භ කිරීමට පළමුව සවස මල්වතු අස්ගිරි මහා විහාරයන්හි වාර්ෂික උපසම්පදා මංගල්‍යය ආරම්භ කරමින් උපසම්පදා පෙරහර දෙකක්, මල්වතු මහා විහාරයටත් අස්ගිරිය මහා විහාරයටත් ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්ව උපෝෂථාගාරයන්හි වාහල නාගනාමයෙන් සාමණේර දෙනමක් අධිශීලයෙහි පිහිටුවා උපසම්පදා විනය කර්ම කටයුතු ආරම්භ කෙරේ.

ජුනි මාසයේ සිට පොසොන් පෝ දින තෙක් මාසයක් තිස්සේ පවත්වන එම උපසම්පදා විනය කර්ම කටයුතු වලට මල්වතු අස්ගිරි මහ නා හිමි, අනු නා හිමිවරු ප්‍රධාන උපාධ්‍යයන් වහන්සේලාගේ සහ කර්මාචාර්යන් වහන්සේගේ මූලිකත්වයෙන් උපසම්පදාවන් සිදුකිරීම ආරම්භ වන්නේද මෙම වෙසක් පෝය දිනයේ ය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.