Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමාදහර වෙසක් සදහම් කලාපය ලේක්හවුස් මන්දිරය අබියස දී තෙදිනක්

අමාදහර වෙසක් සදහම් කලාපය ලේක්හවුස් මන්දිරය අබියසදී මෙම 5, 6, 7 යන තෙදින තුළ පැවැත්වේ.

අමාදහර වෙසක් සදහම් කලාපයට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනුග්‍රහය දක්වයි. ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් වාර්ෂිකව පැවැත්වෙන අමාදහර සදහම් වෙසක් කලාපයේ දී වෙසක් පහන් කූ®ඩු තරගය හා ප්‍රදර්ශනය, වෙසක් බැති ගී ගායනා, බොදු ගී ඇතුළු විශේෂ වැඩසටහන් පැවැත්වේ.

අමාදහර වෙසක් සදහම් කලාපය මෙම වෙසක් පෝදා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලය මගින් විවෘත කැරේ.

6 වැනිදා අමාදහර වෙසක් සදහම් කලාපය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති (වැඩබලන) ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්.කේ.ඩී.ඒ.එස්. ගුණවර්ධන මහතා අතින් විවෘත කැරේ.

7 වැනිදා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.බී. ගනේගල මහතා අතින් අමාදහර වෙසක් සදහම් කලාපය විවෘත කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.