Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විශාල බෞද්ධ කොඩියක්

වෙසක් උත්සවය නිමිත්තෙන් අඩි 200 ක් දිගැති හා අඩි 100 ක් උසැති දැවැන්ත බෞද්ධ කොඩියක් මහනුවර බොක්කාවල වෑවල ඉසිපතනාරාම තරුණ බෞද්ධ සමිතිය විසින් නිර්මාණය කෙරේ. මෙය මෙතක් නිර්මාණය වූ ලොව විශාලතම බෞද්ධ කොඩිය ලෙස සැලකේ.

වෙසක් මස 02 දින සිට 06 දින දක්වා බොක්කාවල වෑවල ඉසිපතනාරාම ක්‍රීඩාංගනයේ දී මෙම දැවැන්ත ධජය ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. ප්‍රථම බෞද්ධ කොඩිය වර්ෂ 1885 වෙසක් මාසයේ දී කොටහේනේ දීපදුත්තාරාමයේ දී ප්‍රථමයෙන් ඔසවා ඇති අතර, අද වන විට බෞද්ධ කොඩියට වසර 127 ක් සම්පූර්ණ වී ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.