Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය

ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් කොළඹ ගංගාරාමය සහ අරලියගහ මන්දිරය ආශි‍්‍රතව ඉදිරිපත් කෙරෙන “2012 ජාතික වෙසක් මංගලය්‍ය” විවිධාංග රැසකින් යුක්තව මැයි මස 06, 07, 08, 09, 10, 11, 12 යන දිනවලදී හයවන වරටත් පවත්වනු ලැබේ.

ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, සංස්කෘතික අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව සහයෝගය ඇතිව ප්‍රධාන තොරණ තුනක් ඉදිකෙරෙන අතර එයට අමතරව වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක්ද පවත්වනු ලැබේ. ඒ සඳහා තෑගි වශයෙන් පළමු ස්ථානය සඳහා මහේන්ද්‍රා කැබ් රථයකි, දෙවන ස්ථානය සඳහා ඩීමෝ බට්ටා රථයක් ද, තෙවන ස්ථානය සඳහා ත්‍රි රෝද රථයක් ද සෙසු ස්ථාන සඳහා මුදල් ත්‍යාග ද පිරිනැමේ.

ඊට අමතරව ප්‍රධාන වේදිකාව මත දිනපතා රාත්‍රි 9.00 සිට 2.30 දක්වා සංස්කෘතික නර්තන ප්‍රසංග, දන්සල්, රූකඩ නැටුම්, ටවර්හෝල් නූර්ති ගී, බොදු බැති ගී, බෞද්ධ මුද්‍රා නාට්‍ය සන්දර්ශන, බෞද්ධ ජාතක කතා ඇතුළත් වීදි නාට්‍ය සහ බේරේ වැවේ ජල තලය මත ඉදිකෙරෙන විශේෂ වෙසක් නිර්මාණ පැවැත්වේ.

පාසල් ළමුන් විසින් ඉදිරිපත් කරනු ලබන නිර්මාණ ඇතුළත් “ළමුන්ට වෙසක්” වැඩ සටහනක් ද පැවැත්වේ.

“බුද්ධ රශ්මි” වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන සියලු දෙනා වෙත බුද්ධ රශ්මි ශාස්ත්‍රිය සංග්‍රහය ශාස්ත්‍රීය ධර්ම සංග්‍රහයක් ලෙස නිකුත් කෙරේ. වෙසක් පුරපසළොස්වක පොහොය දින පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල සමාදනය, ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් රැසක්ම ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.