Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දානයට බුදුසරණ පුවත්පත පිටපත් ලක්ෂ තුනක්

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ සමෘද්ධි බැංකු සංගම් ජාලයේ අනුග්‍රහයෙන් සත්වෙනි වරටත් බුදුසරණ පුවත්පතේ පිටපත් ලක්ෂ 3 ක් වෙසක් පුන් පොහෝ දින සිල් සමාදන් වන උවසු උවැසියන් වෙත විහාරස්ථාන දහසකදී නොමිලයේ බෙදා හැරීමට කටයුතු යොදා ඇත.

මීට අමතරව මහනුවර ශ්‍රී දළදා මාලිගය අභියස මැයි මස 06 දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුªමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයේදී ද ඒ සඳහා සහභාගීවන සියලු දෙනාටම බුදුසරණ පුවත්පත නොමිලයේ ලබාදීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය ප්‍රකාශ කර සිටී.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.