Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

පොළොන්නරුව අලුත් සහල් මංගල්‍යය

පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වේඩරුවේ උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ඓතිහාසික ගල්විහාර බුද්ධ ප්‍රතිමාව අභියසදී මහා සඟරුවන ප්‍රමුඛ රජයේ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ අයුරු මේ. එම අවස්ථාවට කෘෂිකර්ම හා ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් උතුරුමැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරු ඇතුලු ආරාධිත අමුත්තෝ රැසක් සහභාගි වූහ. - බණ්ඩාර පිලවල

දේවදූත පෙරහරේ ගමන් කරමින්

ගම්පහ - අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරස්ථානයේ වාර්ෂික පින්කම් අවසානයේ සති පිරිත් දේශනයක් පැවැත්විණි. සති පිරිත අවසානයේ පැවැති දොරකඩඅස්න කියවීම සිදුකළ උදිත සෙව්වන්දි මනම්පේරි කුල කුමරුවා, ආරක්ෂකයින් වශයෙන් සිටි ජයෝද්‍ය පසිදු කුමාර සහ අසේන් මාලක දරුවන් සමග විශේෂයෙන් සකසන ලද මණ්ඩපයක සිට දේවදූත පෙරහරේ කොස්සින්න රජමහා විහාරයේ දේවස්ථානය වෙත ගමන් කළ අවස්ථාවක්.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.