Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අම්පාර, කොක්නහර, 30/ඒ/216 නිවසේ ස්ථිර පදිංචි ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු තිස්හත් හැවිරිදි එක්දරු පියෙකු වන යූ.එම්.ජී.එම්. පත්මසිරි මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බවත්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි ඉක්මනින් “ඕ පොසිටිව්” ලේ වර්ගයේ එක් වකුගඩුවක් හෝ බද්ධ කළ යුතු බව කොළඹ මාලිගාවත්ත වකුගඩු බද්ධ කිරීම් ඒකකයේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇත. එම නිසා “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වෙත්නම් එය ලබාදෙන ලෙස බිරිඳ ඉල්ලා සිටී. දුරකථන අංක 071 8027361 – උපාලි, 071 8961159 – ආරියවංශ වේ.


නො. 722/1, නල්ලූරුව, පානදුර යන ලිපිනයේ පදිංචි එම්.පී. අයේෂ් ධනුෂ්ක පීරිස් (අවුරුදු 21 ) නමැති අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති අතර, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ඔහුට බද්ධ කිරීම සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර, ඒ සඳහා කැමැති පරිත්‍යාගශීලියකු වේ නම් ඉහත නම් සඳහන් ලිපිනයට හෝ අංක, 077 3834075 දරන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.


කළුතර තිස්ස ජාතික පාසලේ පරිගණක ගුරු වසන්ත කුමාර මහතා වකුගඩු අකර්මන්‍යතාවයෙන් පෙළෙන නිසා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වේ. (B –, O+, O-) ගැළපිය හැක. පරිත්‍යාගශීලියෙකු වෙතොත් අමතන මෙන් ඉල්ලා සිටියි. දුරකථන අංක, 034 2220679, 071 8376968.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.