Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරි දළදා වරුණ සහ වෙනත් ලිපි ග්‍රන්ථය දොරට වඩී

මහනුවර අස්ගිරිය මහා විහාරධිකාරක මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී, පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය, මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ වරකාවේ, ධම්මාලෝක නාහිමි ගුණානුස්මරණය කිරීම සඳහා රචිත ‘මහාචාර්ය වරකාවේ, ධම්මාලෝක නාහිමි සිරි දළදා වරුණ සහ වෙනත් ලිපි’ ග්‍රන්ථ දොරට වැඩීම නිමිත්තෙන් ගිහි පැවිදි සම්භාවනීය පිරිසක් මධ්‍යයේ උත්සවය මහනුවර මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක මහියංගන රජමහ විහාරාධිපති ගලගම, අර්ථදස්සී මල්වතු පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්තී නියංගොඩ විජිතසිරි නා හිමි, දිඹුල් කුඹුරේ විමල ධම්ම අනු නා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. නාවලපිටියේ අනුරාධිකා සුධම්මිකා සිල් මාතාව විසින් සංස්කරණය කරන ලද මෙම ග්‍රන්ථයේ පිටපත් මහා සංඝරත්නය ප්‍රධාන ආරාධිත අමුත්තන් වෙනුවෙන් පිළිගැන්වීම මෙහිදී සිදුකෙරුණි.

මල්වතු අස්ගිරි අනුනායක හිමිවරුන් ද ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහාචාර්ය ජේ.බී. දිසානායක මහත්වරු ඇතුළු ආරාධිත ගිහි පැවිදි පිරිස විශේෂ දේශන පැවැත්වූ අතර මහනුවර නාථ දේවාල විහාරාධිපති මහෝපාධ්‍ය ගොමගොඩ රතනසාර නාහිමි මහනුවර ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ රාවනා ඇල්ලේ පඤ්ඤාමෝලි නාහිමි ඇතුළු සම්භාවනීය ගිහි පැවිදි පිරිසක්ද මහනුවර බෞද්ධ සමිති නියෝජිතයින්ද මෙම අවස්ථාවට සහභාගිවූහ.

සම්බුද්ධාලෝක පදනමේ සහ මහනුවර ශ්‍රී නාථ දේවාලයේ මෙහෙයවීමෙන් පැවැති මෙම උත්සවයේ දී මාධ්‍ය ප්‍රචාරක කටයුතු මහනුවර කඳුරට ගුවන්විදුලි සේවයේ අධ්‍යක්‍ෂ සිසිල් ජිනදාස, මහනුවර බෞද්ධ සමිති තොරතුරු මාධ්‍ය ප්‍රචාරක එල්.එච්. හරිස්චන්ද්‍ර මහත්වරු විසින් මෙහෙයවන ලදී.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.