නිත්තවල
රජ මහා විහාරය
සටහන - බණ්ඩාර පිලවල
සෙංකඩගල පුරවරයට සතර දෙසින් වැඩම කරවන මහා සඟරුවනගේ නේවාසික පහසුකම්
සැලසීම සඳහා ක්‍රිස්තු වර්ෂ 1717 කන්ද උඩරට රජ පැමිණි කීර්ති ශ්‍රී
රාජසිංහ රජු නිත්තවෙල රාජ මහා විහාරය කැරවූ බව ලේඛනගතව ඇත.
දැවයෙන් කරන ලද පැරැණි බුදුපිළිමය |
සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහා සඟරුවනගේ පහසුව සලසා
ඉදිකළ විහාරස්ථාන අතුරෙන් නිත්තවෙල විහාරස්ථානයට ප්‍රමුඛස්ථානයක්
හිමිවේ.
චෛත්‍යය |
කි‍්‍රස්තු වර්ෂ 1798 –1815 සිංහල රජ දවස රාජ්‍යත්වය මෙහෙවූ ශ්‍රී
වික්‍රම රාජසිංහයන්ට එරෙහිව මත්තුසාමි නම් කුමරෙකු ජනතාව පෙළ ගැස්සූ බව
සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ 1803 මැයි 21 වැනිදා ඉංගී‍්‍රසි සේනාංකයේ ආඥා
දායකත්වය දැරූ මේජර් ජෝන් ඩේවිට් කන්ද උඩරට සිංහලයන්ට විරුද්ධ සටන
මෙහෙයවූ බව පැවැසේ.
එදා වටපුළුව මාවිල්මඩ ගම් ප්‍රදේශයන්හි ජීවත්වුන වැසියෝ ජීවිත
පරිත්‍යාගයෙන් සටන් කැර මේජර් ඩේව් පරාජයට පත් කළහ. එම සටනේ පරාජය බාර
ගත් මුත්තු සාමි ත්‍රිකුණාමලය බලා යෑමට මහවැලි ගං තීරයේ පුරාණ තොටුපළට
පැමිණියේය. ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ නිසා ඔවුන්ට ගඟෙන් එතෙරවීමට
බැරි විය.
එම සේනාව සමග සිංහලයෝ මහා සටනක් දියත් කළහ. එම සටන ජයගත් භූමිය සිහිපත්
කැර නිත්තවෙල රාජ මහා විහාර ස්ථානයේ නව චෛත්‍යය ඉදිකැර තිබේ. එම සටනේදී
ජීවිතය බේරා ගත් මේජර් ජෝන් ඩෙව් සිහිපත් කැර මේ අසළින් වැටී ඇති ඩේව්
පාර ලෙස එය මහනුවර මහනගර සභාව පසුව නම් කැර ඇත.
එම සටන පැවැති සමයේ නිත්තවෙල රාජ මහා විහාරස්ථානයේ වැඩ විසූ භික්ෂූන්
වහන්සේලා ඉංගී‍්‍රසින් විසින් පලවා හරින ලදී.
ක්‍රිස්තු වර්ෂ 1818 දී දන්ත ධාතුන් වහන්සේ ඉංගී‍්‍රසින්ගේ යටතට පවරා
ගැනීමෙන් අනතුරුව නිත්තවෙල රාජ මහා විහාරයට වැඩම කැරගෙන විත් එහි සුළු
කාලයක් වඩා හිදුවා පසුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඩම කැර වූහ.
විහාරාධිකාරි වැලිහෙලලෙන්නේ සෝමාලෝක හිමි |
තවද ඉංගී‍්‍රසි පාලකයන් මේ විහාරස්ථානය රාජසන්තක කළ බවද පැවැසේ. කන්ද
උඩරට කිසිම විහාරස්ථානයක නොමැති දැවැන්ත වී අටුවක් මේ විහාරස්ථානයේ
තිබේ. පෞරාණික විහාරාරංගයන්ගෙන් සමලංකෘත පැරණි විහාරස්ථානයේ ලීයෙන්
නිර්මාණය කළ දර්ශනීය බුද්ධ ප්‍රතිමාවක්ද විද්‍යමානවේ. එසේම මහනුවර
යුගයට අයත් චිත්‍ර නිර්මාණ රාශියක් එහි ඇත.
පැරැණි සංඝාරාමය මහනුවර යුගයේ ලී කැටයම් ආරෝපණය කළ මුක්කු ආධාරයෙන්
ඉදිකැර තිබීම විශේෂිතය. ඒවාගේ අභ්‍යන්තරයේ ඇති මැද මිදුල විශේෂයෙන්ම
කැපී පෙනේ.
පැරැණි සංඝාවාසය |
ඉපරණි ගල්පඩි පෙළ සහිත ගල්කණු රාශියකින් සැදුම් ලත් මේ විහාරස්ථානය
පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුක්තය.
විහාරස්ථානය නියෝජනය කරන සතර පේරුවේ දායකාරකාදින්ගේ පූර්ණ දායකත්වය
ඇතිව විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ අස්ගිරියේ රතනපාල නාහිමිගේ
උපදෙස් පරිදි වත්මන් විහාරාධිපති ආචාර්ය ඉනාමළුවේ නන්දරතන හිමියන්ගේ
මගපෙන්වීම යටතේ විහාරස්ථ භාරකාර වැලිහෙලලෙන්නේ සෝමාලෝක හිමියන්ගේ
සංවිධායකත්වයෙන් නව ආලෝකයක් විහාරස්ථානයට උදාවීම දායක කාරකාදීන්ගේ
ප්‍රසාදයට හේතුවේ.
විහාරස්ථානය කේන්ද්‍රිය කැරගෙන සිදුකරන ආගමික සමාජික සේවාවන් අතුරෙන්
ප්‍රදේශයේ දහම් පාසලේ අතර ශ්‍රී සුබසාධක දහම් පාසල ඉදිරියට පැමිණීම
විශේෂිතය.
පැරැණි විහාර මළුවේ දර්ශනීය මකර තොරණ, සහිත වළාකුළු බැම්ම අටවිසි බුද්ධ
ප්‍රතිමා මන්දිරය සහිත සෙසු විහාරාරංග විහාරස්ථානයේ අගය වැඩි කරවයි.
ඡායාරූප - ගාමිණී රාමනායක |