UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම මහ දේවාලයේ වාර්ෂික පෙරහර

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික අවුරුදු මංගල්‍ය පෙරහර පෞරාණික චාරිත්‍ර පුද සිරිත් වලට මුල් තැනක් දෙමින් මෙම 14 වැනිදා උඩරට පහතරට මෙන්ම රුහුණු ප්‍රදේශයට ආවේනික නැටුම් වලින් හා අලි ඇතුන්ගෙන් යුතුව ඉතාමත් අලංකාර ලෙස පැවැත්වීමට රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් සභා ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කටයුතු සංවිධානය කර ඇත.

මහාදේවාලයෙන් ඇරඹෙන දේව පෙරහර ගණදේවාලය කිරිවිහාරය ඉදිරිපිටින් අෂ්ඨඵල බෝධීන් වහන්සේ පුදක්ශිණකර මහ වාසල් දොරටුවෙන් මහාවීදියට පිවිසේ. එම වීදියේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය ඉදිරිපිටින් ගමන්කර පෙරහර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. පෙරහර මහාදේවාලයට පැමිණීමෙන් පසුව ‘දැකීම් තැබීම’ නම් පෞරාණික චාරිත්‍රයක් කතරගම මහාදේවාලයේ කපු මහත්වරුන් විසින් ඉටු කරනු ලබයි. මහාදේවාලයේ දේව තීරයෙන් ඇතුළත ඇති පූජා වස්තුන් යම් ප්‍රමාණයක් රිදී බන්දේසියක තබාගෙන කපුමහත්මයෙකු බැතිමතුන් සිටින ‘මිණි බැදි මංඩපය’ට පැමිණ එම පූජා වස්තූන් පිළිබඳ විස්තරයක් ප්‍රකාශ කරයි.

පෙරහර සමයේ කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කතරගම ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නාගරික සංවර්ධන අධිකාරිය භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා කතරගම පොලීසිය කටයුතු සංවිධානය කර ඇත.

 
බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 13 වැනිදා සිකුරාදා පූර්ව භාග 04.51 ට ලබයි.
14 වැනි සෙනසුරාදා පූර්වභාග 04.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 13 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]