UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටවත්තේ සුධීරානන්ද නා හිමි

1913 බක් මහේ කේ.එච්.පිලිප්පු වෙඳදුරුතුමන් හා කොළඹගේ සාංචෝ මහෝපාසිකාවට දාව පින්වත් දරුවකු බිහි විය. කේ.එච්. සුවාරිස් යන නාමය ලැබිණ. වයස අවුරුදු 12 වන තෙක් සුවාරිස් කුමරුවා රදම්පල රජයේ පාසලේ අධ්‍යාපනය ලැබීය.

දික්වැල්ලේ පේමානන්ද මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයකු වශයෙන් 1925 මාර්තු 12 වන දින කෝට්ටවත්තේ සුධීරානන්ද නමින් ප්‍රවෘජ්ජා භූමියට පත් විය.

මූලික අධ්‍යාපනය සඳහා සුධීරානන්ද කුඩා ස්වාමීන් වහන්සේ 1930 දී කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙණට ඇතුළත් වූහ. එවකට වැඩ සිටි කහවේ රතනසාර මාහිමියන් කළු කොදයාවේ පඤ්ඤාශේඛර මාහිමිපාණන් වැනි ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේලාගේ ඇසුරින් උගත මනා බණ දහම් හදාළ සුධීරානන්ද හිමියන් 1933 ජූලි 02 දින කළුතර නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා භූමියෙහි පිහිටුවීය.

1975 පෙබරවාරි 05 වන දින ගුරුදේවයන් අපවත් වී වදාළ හෙයින් නාහිමියන් එතැන් සිට විහාරාධිපති තනතුරට පත්වූහ. වසර 35 ක් වැනි දිගු කලක් නායකත්වය දරා නාහිමිපාණන් සකලාංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට විවේකානන්දාරාමය පත් කළහ. උන්වහන්සේට ස්ව නිකාය මගින් ‘ධර්ම කීර්ති ශ්‍රී කර්මාචාර්ය’ යන ගෞරව නාමය සහිතව කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීය. නා හිමියෝ වසර 99 ක් වැනි දිගු ආයුෂයක් වින්දනය කොට 2011 අප්‍රේල් මස 06 වන දින අපවත් වී වදාළහ. උන්වහන්සේගේ ගුණ සමරා (වර්ෂ පූර්ණය) 2012 අප්‍රේල් 06 වන බක් පුර පොහෝ දින දවස පුරා දාන සීල භාවනා දී පින්කම් මාලාවක් සිදු කොට එදින රාත්‍රී 07.00 ට විශේෂ ධර්ම දේශනයක් ද පැවැත්වේ. එම ධර්මානුශාසනා පානදුර දකුණ ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ගරු ලේකම් වාද්දූව ලංකාරාමාධිපති වාද්දුවේ ධම්මවංශ මාහිමිපාණන් විසින් සිදු කැරිණි.

 
බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 13 වැනිදා සිකුරාදා පූර්ව භාග 04.51 ට ලබයි.
14 වැනි සෙනසුරාදා පූර්වභාග 04.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 13 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]