UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදීම පිණිස භික්‍ෂූන් වහන්සේ පුහුණු කරවීම

බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන උක්ත වැඩසටහනේ දෙවැනි අදියර සඳහා සුදුසු පිරිස් තෝරා ගැනීම මෙම අප්‍රේල් මස 24 වන දින පෙරවරු 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා කොළඹ 07 ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ අංක 135 දරන ස්ථානයෙහි පිහිටා ඇති බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීමට අපේක්‍ෂා කැරේ.

උක්ත වැඩසටහන පසුගිය වසරේ මැයි මස 21 වන දින ආරම්භ කළ අතර දිවයිනේ බොහෝ පිරිසකගේ උනන්දුව හා කැපවීම මත දෙවැනි අදියරේ වැඩසටහන ද ඉතා කඩිනමින් ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විටත් සංවිධානය කොට ඇත.

මනා සෞඛ්‍ය තත්ත්වයකින් හෙබි බෞද්ධාගමික හැඟීම් හා බෞද්ධාගමික කාර්යයන් කෙරෙහි උනන්දුවක් ඇති සියලු වයස් කාණ්ඩ නියෝජනය කරන ඕනෑම අයෙකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකි ය.

දිවිය පුරා උතුම් වූ පැවිදි දිවියක් ගත කිරීමට අපේක්‍ෂා කරනු ලබන්නේ නම් තමා විසින්ම සකස් කරන ලද අයදුම්පතක්, ස්ථිර පදිංචි ස්ථානයට ආසන්න විහාරස්ථානයෙහි ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ නිර්දේශ සහිත ලිපියක් හා ග්‍රාම නිලධාරී වරයාගේ සහතිකයක් සමඟ 2012.04.24 වන දින රැගෙන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලිමක් කැරේ. එහිදී සුදුසුකම් ලද පිරිස් හොරණ මඩකඩ ආරණ්‍ය සේනාසනයේ දී කෙටි කාලීන පුහුණුවකට යොමු කරන අතර ඉන් අනතුරුව පැවිදි කරවීමේ උදාර කටයුත්ත සිදුකිරීමට නියමිතය.

වැඩි විස්තර 0112 337341 දරණ දුරකථනයෙන් හා දෙපාර්තමේන්තුවට පැමිණ ලබාගත හැකි බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා නිවේදනය කරයි.

 
බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 13 වැනිදා සිකුරාදා පූර්ව භාග 04.51 ට ලබයි.
14 වැනි සෙනසුරාදා පූර්වභාග 04.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 13 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]