අසූමහා
ශ්‍රාවක
චරිත 10
බුදුරදුන් ගොඩ නැඟු
ධර්ම රාජ්‍යයෙහි මහ ඇමැතිවරු
මහා කච්චාන මහරහතන් වහන්සේ
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
අප බුදුරදුන්ගේ කාලයෙහි උදේනි නුවර පුරෝහිත බමුණු කුලයේ පින්වත්
කුමාරයෙක් ඉපදුනා. මුළු සිරුරම රන්වන් පාටින් බැබලුනා. එසේවීමට හේතුව
කලින් වැඩ සිටි කාශ්‍යප බුදුරදුන් පිරිණිවන් පෑ පසු ධාතු තැන්පත් කොට
සෑයක් සාදද්දී රන් ගඩොලක් පූජා කොට මතු ආත්ම වල උපදින වාරයක් පාසාම
සිරුර රන්වන් පැහැයෙන් බැබලේවායි ප්‍රාර්ථනා කොට තිබූ නිසයි. ඒ අන්දමට
රන්වන් සිරුරක් ලැබූ හෙයින් කුමරුවාට නම තැබුයේ ‘කඤ්චන’ යන නමයි. එහෙත්
ඔහුගේ් ගෝත්‍ර‍්‍රය ‘කච්චාන’ වූයෙන් ඒ නමින් ද හැඳින්වූවා. වැඩි වියට
පත් ඔහුට රජතුමාගේ පුරෝහිත තනතුර හිමිවුණා. බුදුරදුන් ලෝකයේ පහළ වී ඇති
බව දැනගත් උදේනි රජතුමා මුළු ඇමති මණ්ඩලයේම කැමැත්ත පරිදි කච්චාන
පුරෝහිතයාගෙන් ඉල්ලා සිටියා බුදුරදුන් තම රාජ්‍යයට වඩම්මාගෙන එන ලෙස.
තමාට පැවිදි වීමට අවසර ලබා දෙන්නේ නම් ඉල්ලීම ඉටු කරන්න කච්චාන බමුණා
පොරොන්දු වුණා.
යහළුවන් සත් දෙනෙකු සමඟ බුදුරදුන් වෙත ගිය කච්චාන පැවිද්ද ලබා සසර
සිදුකළ පින්වල මහිමයෙන් රහත් භාවය ලබා ගත්තා පමණක් නොවෙයි ඒහි භික්ෂු
භාවයෙන් පැවිදි බිමට ද පත් වුණා. ටික කලකට පසු පැවිදි උපසම්පදාව ලැබූ
හිතවත් හිමිවරුන් සත් දෙනා සමඟ බුදුරදුන් හමුවෙහි උදේනි නුවර පිළිබඳ
වර්ණනාත්මකව විස්තරයක් ඉදිරිපත් කළා. එවිට බුදුරදුන් ‘පළමුව තමා උපන්
උදේනි නුවරට කච්චාන හිමියන්ම වැඩමවන්න’ යයි නියම කළා. ඒ අනුව රහත් සත්
නම සමග කච්චාන හිමියන් උදේනි නුවරට වැඩමවන අතර තේලප්පතාලි ගමෙහි
පිඬුසිඟා වැඩියා. එහි විසූ ඉතා සුරූපි දුප්පත් එක් සිටු දියණියකගේ කේශ
කලාපය කහවනු ලක්ෂයක් වුවත් ගෙවා මිලයට ගැනීමට තවත් සිටු දුවක් සූදානම්ව
සිටිය නමුත් මුල දී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. එහෙත් මහා කච්චාන
හිමියන් ප්‍රධාන රහත් හිමිවරුන්ට දානය පිළිගැන්වීමට තිබූ තද ආසාව නිසා
ලක්ෂයකටවත් නොදුන් කේශ කලාපය කහවනු අටක් වැනි සුළු මුදලකට කලින් ඉල්ලූ
කාන්තාවටම විකුණා සැදැහැයෙන් දානය පූජා කළා. ඉතා ලස්සන වූ ඇගේ කේශ
කලාපය සැදැහැයෙන් විකුණා දුන් දානයේ ආනිශංසයෙන් නැවතත් මෙලොවදී ම වඩා
ලස්සන කේශ කලාපයක් ලැබුණා. එපමණක් නොවෙයි ඒ පිළිබඳ තොරතුරු මහා කච්ඡාන
හිමියන්ගෙන් දැනගත් උදේනි රජතුමා ඈ රජමාලිගාවට කැඳවා අගබිසව බවට ද
පත්කර ගත්තා. අප සිදු කරන කුසල ක්‍රියාවන්හි ආනිශංස බොහෝ දුරට මෙලොවදී
ම ලැබෙන බවට මේක හොඳ නිදර්ශනයක්.
කච්චාන හිමියන් කඤ්චනවත නම් උයනෙහි වැඩ වසන බව උයන්පල්ලාගෙන් දැනගත්
උදේනි රජතුමා වහා එහි ගොස් බුදුරදුන් කොහිදැයි විමසුවා. එවිට මහා
කච්චාන හිමියන් පැවසුවා පළමුව තමන්ට උදේනි නුවරට වැඩමවීමට උන්වහන්සේ
නියම කළ බව. පැහැදීමට පත් රජතුමා ඒ රහත් පිරිසට මහත් සේ උපස්ථාන කළා.
එහි දී බණ ඇසූ බොහෝ දෙනා පැහැදී පැවිදිව මගඵල ලබා ගත්තා. කෙස් වැටිය
විකුණා දන් දීමෙන් අගබිසව බවට පත් වූ ඒ දේවිය රජතුමාගේ් අවසරය පරිදි
කඤ්චනවත නම් උයනෙහි ආරාමයක් සාදා කච්චාන තෙරුන් ප්‍රධාන භික්ෂූන්ට පූජා
කළා.
කච්චාන හිමියන්ට ඉතා ලස්සන ශරීරයක් තිබුණා. එය මොනතරම් ලස්සන ද යන්න
පැහැදිලි කිරීමට පොඩි සිදුවීමක් සිහිපත් කිරීම වටිනවා. එක් දිනක් මහා
කච්චාන හිමියන් සැවැත්නුවර එක් පැත්තක පිණ්ඩපාතයේ වැඩමවීමට සිවුරු
පොරවමින් සිටියා. මේ වෙලාවේ මහා ධනවත් සොරෙය්‍ය සිටු පුත්‍රයා යහළුවන්
සමග වතුර නෑම සඳහා එතනින් ගමන් කළා. මෙහි දී සොරෙය්‍ය සිටු පුත්‍රයා
මහා කච්චාන හිමියන්ගේ ලස්සන ශරීරය දැක්ක විතරයි සිතුවා. ‘මේ හිමියන්
මගේ් භාර්යාව වුනානම් කොපමණ හොඳද එසේ නැතිනම් මගේ භාර්යාවගේ් ශරීරය
මෙසේ වූවානම් හරි වටිනවා. කියා මේ දරුණු සිතිවිල්ලත් සමග සොරෙය්‍ය සිටු
පුත්‍රයා පිරිමි බවින් වෙනස්ව කාන්තාවක වූ බව ධර්ම ග්‍රන්ථයන්හි
දැක්වෙනවා. කලින් දැක්වූ අන්දමට රන් ගඩොලක් පූජා කොට කළ පැතුමට අනුව
මොනතරම් ලස්සන ශරීරයක් ලැබුණේ ද යන්න මෙයින් පැහැදිලි වෙනවා.
බුදුරදුන් ජේතවනාරාමයේ වැඩසිටිය දී මධුපිණ්ඩික සූත්‍රය කාරායන සූත්‍රය
ආදි දේශනා රාශියක්ම ඉතා කෙටියෙන් දේශනා කොට වදාළා. එවැනි අවස්ථාවල
කච්චාන රහත් තෙරුණුවන් විස්තර සහිතව හා නිවැරදිව එම ධර්මය දේශනා කොට
වදාළා. එය කච්චාන හිමියන් මෙලොව දීම ලබා ගත් විශේෂ දක්ෂතාවයක් නොවෙයි.
පෙර ආත්මයක පදුමුත්තර බුදුුරදුන් එක්තරා භික්ෂූ නමකට කෙටියෙන් දේශනා කළ
ධර්මය විස්තර වශයෙන් ප්‍රකාශ කරන භික්ෂූන් අතර අග තනතුර පිරිනමනවා දැක
දානා දී මහා පින්කම් කොට තමන්ටත් එවැනි තනතුරක් ලැබේවායි කළ පැතුමට
අනුව පුණ්‍ය මහිමයෙන් ලැබූ විශේෂ දක්ෂතාවයක්.
ඒ නිසාම අප ගෞතම බුදුරදුන් විසින් කෙටියෙන් දේශනා කරන ධර්මය විස්තර ලෙස
දක්වන භික්ෂූන් අතර අග්‍රස්ථානය මේ මහා කච්චාන හිමියන්ට දෙවා වදාළ බව
ශාසන ඉතිහාසය සඳහන් කරණ ලද පින්වල ඵලය සසර දීර්ඝ කාලයක් විවිධ සැප
සම්පත් ලබා දීමටත් නිවන් අවබෝධ කර ගැනීමටත් හේතු වන බව මෙයින් පැහැදිලි
වෙනවා.
|