Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වෙසක් පහන් කූඩු තරගයට අයඳුම්පත් කැඳවයි

ශ්‍රී කල්‍යාණි රජ මහා විහාර වෙසක් කලාපය 2556 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මෙවරද කැලණිය පූජා භූමියේ දී පැවැත්වේ. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. මෙම වෙසක් කලාපය ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංසදය මගින් සංවිධානය කෙරේ. මේ වෙසක් කලාපයේ පැවැත්වෙන වෙසක් පහන් කූ®ඩු තරගාවලිය සඳහා අප්‍රේල් මස 10 වැනිදාට ප්‍රථම තම අයදුම්පත් යොමු කරන ලෙස ඉල්ලා සිටී. ප්‍රථම ස්ථානයට රුපියල් 1, 50000ක්, දෙවන ස්ථානයට රුපියල් 75000ක්, තෙවන ස්ථානයට රුපියල් 50000ක් පිරිනැමේ. මීට අමතරව හතරවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් 10000 බැගින් ත්‍යාග හිමිවේ. අයදුම්පත් ශ්‍රී කල්‍යාණි වෙසක් කලාපය, පහන් කූඩු තරගය 2012, කැලණිය රජමහා විහාරය, කැලණිය යන ලිපිනයට යොමු කළ යුතු වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.