Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රත්මලානේ සිරි සුනීත නා හිමි සංඝ නායක පදවියට

රත්මලාන ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති හා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ශ්‍රී සුධර්මාකාරක සංඝ සභික කොළඹ දිසා සංඝ සභාවේ සම ලේඛකාධිකාරී සිරි අත්තකුසල ධම්මාධාර වංශාවතංශ සද්ධර්ම කීරිති ශ්‍රී විනයාචාරිය ස්මරණ ශක්තිධර සද්ධර්ම භාරතීන්ද්‍ර රත්මලානේ සිරි සුනීත හිමියන් අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහ නායක ධුරන්ධර සිරි සද්ධම්මවංස පාල ගණාචරිය මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත බලංගොඩ සිරි සුධම්මවංස මහා නායක හිමියන් ප්‍රමුඛ ශ්‍රී සුධර්මා කාරක සංඝ සභාවේ සමාන ඡන්දයෙන් අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ද්වීතීය අධිකරණ සංඝනායක පදවියට පත් කර ඇත.

රත්මලානේ සිරි සුනීත නාහිමියෝ අපවත් වී වදාළ ඥානාභිවංසාලංකාර සිරි ධම්මාධාර විචිත්‍රභාණක ශාසනශෝබන කීර්ති ශ්‍රී රත්මලානේ ශ්‍රී මහින්දාලෝක නා හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය හිමියන් ද වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.