Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඩිගමුව ශ්‍රී නාගවනාරාම රජමහා විහාරස්ථානයේ පෙරහර

උඩුගම – කඩිගමුව ශ්‍රී නාගවනාරාම රජමහා විහාරස්ථානයට අනුබද්ධ පත්තිනි දේවාල පෙරහර කඩිගමුව ශ්‍රී නාගවනාරාම රජමහා විහාරස්ථානයේ ආරම්භය පොළොන්නරු යුගය තෙක් දිවේ. කාංචිපුර දේශයේ ධම්මානන්ද නාහිමියෝ නාගස් උයනක් වූ මේ විහාර භූමිය භාවනා කිරීමට තෝරා ගෙන ඇත. එබැවින් කඩිගමුව ශ්‍රී නාගවනාරාම රජමහා විහාරය අතීතයේ සිට ජාත්‍යන්තර බෞද්ධාගමික සම්බන්ධතා සහිතව මහනුවර ශ්‍රී දළදා මාලිගය සමඟ අඛණ්ඩව සම්බන්ධකම් පවත්වා ගෙන යන විහාරයකි.

හස්ති ශෛල පුර රාජධානියේ වන්නි බුවනෙකබා රජු මුවපිටියේ දෙයියන්දෙනියේ රණරාල හමුවීමට යන අවස්ථාවේ මෙම නා උයනේ වනා තිබූ සිවුරක් දැක ආගමික ස්ථානයකට මහා විහාරයකට උචිත ස්ථානයක් සේ සළකා නාගවනාරාමය නමින් විහාරයක් ඉදි කිරීමට කටයුතු යොදා ඇත. විහාරය නාගොල්ලක ඉඳි කළ නිසාත් කඩිනමින් ඉඳි කළ නිසාත් කඩිගමුව ශ්‍රී නාගවනාරාම රජමහා විහාරය ලෙස අතීතයේ සිටම ප්‍රසිද්ධ විය.

එදා සිට මේ දක්වා නොකඩවා පවත්වාගෙන ආ මෙම පෙරහර මෙවරද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2012 වර්ෂයේ පෙරහර සුවිශේෂ වන්නේ ශ්‍රී ලංකාවට නිදහස ලැබී අවුරුදු 64 ක් සම්පූර්ණ වීම නිසා පෙරහරට සංස්කෘතික අංග හැටහතරක් එකතු කිරීමට කටයුතු යොදා ඇත.

සංවිධාන කටයුතු ගම් ප්‍රදේශයේ සමාජ සංවිධාන, ජන සංවිධාන, යෞවන තරුණ සංවිධානවල කැපවූ සංවිධාන ශක්තියෙන් පෙළ ගැසෙමින් පවතී. අලි ඇතුන්, උඩරට පහතරට නැටුම්, දේශීය විදේශීය සහභාගිත්වයෙන් හා මෙම පෙරහරටම ආවේණික අංගද ඇතුළත්ව 2012 අප්‍රේල් 21 දින හැටහතර වන නිදහස් සමරු පෙරහර වශයෙන් මෙම මහා දේව මංගල්‍යය පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.