Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුරුණෑගල කොටකන්ද විහාරයේ පින්කම්

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවය සමරා කුරුණෑගල කොටකන්ද විහාරස්ථානයේ පුණ්‍ය කර්ම රැසක් පැවැත්විණි. පසුගිය නව වැනි දින සිට 15 වැනි දින දක්වා පින්කම් මාලාවේදී දහ අට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත නව විහාර මන්දිරය විවෘත කිරීම බෝධිසත්ව දුෂ්කරක්‍රියා ප්‍රතිමාව නිරාවරණය කිරීම, සහ නව ධර්ම ශාලාව විවෘත කිරීම ද සිදු කරන ලදී.

මෙම පින්කම් මාලාවට සමගාමීව අසූහාර දහසක් මල් සහ පහන් පූජාව ද අඩි 05 ක් උස හඳුන්කූරු සමඟ අසූහාර දහසක් හඳුන්කූරු දැල්වීම ද සති පිරිත් දේශනය, සාංඝික දානමය පුණ්‍ය කර්ම හා බෝධි පූජා පින්කම් ද පැවැත්විණි.

ඉතා උත්කර්ෂවත් ලෙස පැවති පුණ්‍යකර්ම මාලාවට සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිත සිරි හිමි හා විද්‍යාලංකාර පිරිවෙන්පති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි ඇතුළු මහා සංඝරත්නයත් වයඹ පළාත් ආණ්ඩුකාර නීතිඥ තිස්ස ආර්. බලල්ල, සංස්කෘතික කටයුතු හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක, බෞද්ධ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එන්.කේ.ඩී.එස්. ගුණවර්ධන, වානිජ හා කර්මාන්ත කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජයරත්න හේරත්, කුරුණෑගල මහනගරාධිපති හා ප්‍රාදේශීය සභාපති ඇතුළු මැති ඇමැතිවරුන් සමඟ විශාල පිරිසක් සහභාගී වූහ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.