Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

82 වන කොටස

350.
විතක්කුපසමෙ ච යෝ රතො
අසුභං භාවයති සදා සතො
එස ඛො ව්‍යන්තිකාහිති
එස ඡෙජ්ජති මාර බන්ධනං

රාගයෙන් බැහැර වී භාවනා කරයි නම්, මාර බැමි ටිකෙන් ටික ලිහිල් වී යන්නේ ය.
ජීවිතේ, සැනසිල්ල ඇවැසි නම් , මානසික සංවරය දියුණු කළ යුත්තේ ය.

351.
නිට්ඨංගතො අසන්තාසී
වීත තණ්හො අනංගනො
අච්ඡින්දි භවසල්ලානි
අන්තිමොයං සමුස්සයො

සියලු කෙලෙසුන් නසා, තණ්හාව නිමා කළ තැනැත්තා මේ සසර තුළ නැවත නූපදී.
නැණැත්තෝ සියලු බාධා දුරැර, අලස නොව වෙහෙස වී, අරමුණට ළඟා වෙති.

352.
වීත තණ්හො අනාදානො - නිරුත්ති පද කොවිදො
අක්ඛරානං සන්නිපාතං - ඡඤ්ඤ පුබ්බ පරානි ච
සවේ අන්තිමසාරීරො
මහා පඤෙඤ මහා පුරිසොති වුච්චති

කෙලෙස් දුරුකළේ නම්, බැඳුම් බිඳ හෙලී නම්, බණ දහම් කියා නම්, හේ මහා පුරුෂයකි.
යම් කෙනෙකු, අලස නොව දිරිමත්ව, නැණින් වැඩ කරයි නම්, ඔහු මෙලොව ජය ලබයි.

353.
සබ්බාහිභූ සබ්බවිදු හමස්මි
සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ
සබ්බඤ ජහෝ තණ්හක්ඛයේ විමුත්තෝ
සයං අභිඤ්ඤාය කමුද්දි සෙය්‍යං

සියලු අකුසල් නසා සසර, දුක් නැසී නම්, ඔහුට තව කෙනෙකුගේ පිහිට වුවමනා නැත.
නැණැති ඔබ, කුසල් රැස් කරයි නම්, ඔබට කෙනෙකුගේ තව පිහිට වුවමනා නැත.

මතු සම්බන්ධයි


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.