Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී සම්බෝධි විහාරයේ පොහෝදා පින්කම් බෞද්ධයා නාලිකාවෙන්

ශ්‍රී සම්බෝධි මහා විහාරයේ බක් පුර පසළොස්වක පොහෝ දින පින්කම් මාලාව

අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමගින් විකාශනය ආරම්භ වීම. පෙරවරු 6.00 – 7.15 සීල සමාදානය, භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම, “බෞද්ධයා” රූපවාහිනී නාලිකාවේ ගරු සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ඉංගී‍්‍රසි දහම් පාසලේ ගරු විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්මදේශනාව, බුලත්සිංහල ඤාණාලෝක, මහා පිරිවෙන් අධ්‍යක්‍ෂ කාව්‍යය ශිරෝමනී ධර්ම කීර්ති ශ්‍රී විචිත්‍රාභානි බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක යටගම්පිටියේ ශ්‍රී ඥානාලෝක හිමි, 9.30 – 10.30 ධර්මදේශනාව, හංවැල්ල, පහත්ගම, පතනකන්ද, ආරණ්‍ය සේනාසනාධිපති, කොත්මලේ ධම්මදස්සී නා හිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුද්ධ පූජාව, සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, පස්වරු 12.30 – 2.00 දම්සභා මණ්ඩපය, ත්‍රිපිටකාචාර්ය මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා, මෙහෙයවීම, නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 ධර්මදේශනාව, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ලේඛකාධිකාරී, ත්‍රිපිටකාචාර්ය කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 – 4.30 භාවනාව, පානදුර, පරත්ත, චිත්ත භාවනා මධ්‍යස්ථානාධිපති දොඩංදූවේ සිරිකර නාහිමි, 4.30 – 5.30 ධර්මදේශනාව, හබරකඩ ආරිය නිකේතනයේ අනුශාසක මාවරලේ භද්දිය හිමි, කෙටි අනුශාසනාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය, ශ්‍රී සම්බෝධි විහාර වාසී, මහියංගණේ ධම්මකුසල හිමි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.