Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිද්දෙනියේ නා හිමි ගුණ සමරා පින්කම්

දෙහිවල නැදිමාලේ ශ්‍රී පියරතනාරාමාධිපතිව වැඩ විසූ සල්පිටි කෝරළයේ උප ප්‍රධාන සංඝනායක, විනය කීර්ති ශ්‍රී ගුණානන්ද, මිද්දෙනියේ පේමානන්දාභිදාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ සිව්වන ගුණානුස්මරන පුණ්‍යකර්ම මාලාව අප්‍රේල් මස 7 සහ 8 යන දෙදින තුළ දෙහිවල ශ්‍රී පියරතනාරාමයෙහිදී පැවැත්වීමට විහාරවාසී ස්වාමීන් වහන්සේලා, විහාරස්ථ දායක සභාව සහ කුළඟන සමිතිය තීරණය කර තිබේ. නාහිමි ගුණ සමරුව අළලා අභිනවයෙන් ඉදිකරන ලද විහාර මන්දිරය විවෘත කිරීම අප්‍රේල් මස 7වැනි දා සවස 3.00 ට ගිහි, පැවිදි සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.

එදින සවස මල් පෙරහර, අටවිසි බුද්ධ පූජාව සහ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වෙන අතර, 8 වන ඉරිදා උදෑසන සඟ සතු දානමය පුණ්‍ය කර්මය සිදු කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.