Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය 2012

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2012 ජූනි මස 14, 15, 16, 17 යන දිනයන්හි කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී හා උපසම්පදාපේක්‍ෂක නේවාසික පුහුණුව 2012 ජූනි මස 06 සහ 07 දිනවල පිළියන්දල කොළමුන්න ශ්‍රී බිම්බාරාමයේ දී පැවැත්වේ.

මෙවර උපසම්පදාව සඳහා අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන එම සංඝ සභාවට අයත් ස්වාමීන් වහන්සේලා අදාළ ඉල්ලුම් පත් සම්පූර්ණ කර 2012 මැයි මස 01 වන දිනට පෙර උපසම්පදා ලේඛකාධිකාරීන් වහන්සේ වෙත ලැබෙන්නට සැලැස්විය යුතු බව දන්වා සිටී. නියමිත දිනට පසුව ලැබෙන ඉල්ලුම්පත් පාර්ශව භේදයකින් තොරව ගෙන අවසාන දිනයේ දී උපසම්පදාව සඳහා යොමු කරනු ලැබේ.

නියමිත ඉල්ලුම්පත් උපසම්පදා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ, ශ්‍රී මහා චේතියාරාමය, කිඳෙල්පිටිය, වැල්මිල්ල හන්දිය, බණ්ඩාරගම යන ලිපිනයෙන් හෝ ඒ ඒ පාර්ශ්වයන්හි ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් ලබාගත හැකි බව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මකුරුප්පේ සෝමාලංකාර හිමියෝ නිවේදනය කරති.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.