Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ උපසම්පදා මහෝත්සවය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වන උපසම්පදා මහෝත්සවය මහානායක අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් 2012 ජූලි මස 23 වෙනි දින සිට අගෝස්තු මස 01 වෙනි දින දක්වා ප්‍රථම වරට ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාම පුද බිමේ අභිනවයෙන් ඉදිකරන මහවැලි ගං “උදකුක්ඛෙප” සීමා මාලකයේ දී අති උත්සවත්ශ්‍රීයෙන් පැවැත්වේ.

ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම මහා විනයකර්මය සඳහා නන්දෙසින් පන්සියයකට අධික භික්‍ෂූන් වහන්සේලා සහභාගි වෙති. රජයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම උපසම්පදා මහෝත්සවයේ මෙහෙයුම් කමිටුවේ පැවිදි අනුශාසක වශයෙන් රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ ද, ගිහි අනුශාසක වශයෙන් අග්‍රාමාත්‍ය සහ බෞද්ධ කටයුතු පිළිබඳ අමාත්‍ය දි.මු. ජයරත්න, සම සභාපතිවරු වශයෙන් මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ මධ්‍යම පළාතේ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ලේකම් මහනුවර දිස්ත්‍රික් ලේකම්, දිසාපති හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගාමිණී සෙනෙවිරත්න, භාණ්ඩාගාරික එම්.කේ.ආර්. තිලකරත්න යන මහතුන් කටයුතු කරති.

 

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.