අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝනායක
වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය
උතුම් හැසිරීම - සාධූචර්යා, දිව්‍යමය ගුණාංග, යන විවිධ අරුතින් ද පාලි
රීතියට අනුව බ්‍රහ්ම විහාර (බඹ විහරණ) යනුවෙන් ද හඳුන්වන යහපත් ගුණවත්
මිනිසෙකු නිර්මාණය කිරීමට හේතු කාරක වූ සිව් ගුණයන් මොනවාද?
පිළිතුර
ද්වේෂය නමැති දුර්ගුණ යයි පරදවන සත්ගුණය “මෙත්තා විහාර” ගුණයැයි.
හිංසාව දුර්ගුණය පිටුදකින සත් ගුණය කරුණාවයි. ඊර්ෂ්‍යාව නම් දුර්ගුණය
පරදවන සද්ගුණය මුදිතා ගුණයයි. අභිරතියත්, ව්‍යාපාදය නමැති දුර්ගුණය
පරදවන සද්ගුණය උපේක්‍ෂාවයි.
ප්‍රශ්නය -
බෞද්ධ ජීවිත පැවැත්මෙහි වත් පිළිවෙත් සපුරාලීම යහපත් ගුණයකි. එය
ශීලයෙහි චාරිත්‍ර ගණයට අයත්වෙයි. “ සමමජ්ජනියා “ යනුවෙන් මේ ගුණ විශේෂය
දේශනා පාලියෙහි සඳහන් වන අතර “ පංච ආනිසංසා” යනුවෙන් ආනිශංසදායක
(විපාක) මහ පින්කමකි. මෙම ආනිසංස මොනවාද?
පිළිතුර
තම සිත ප්‍රසන්න වීම (සකවිත්තං පසීදති)
අනූනගේ සිත්හි පවිත්‍ර සිතිවිලි ඇතිවීම (පරචිත්ත)
දෙවියන් සතුටුවීම (දෙවතා අත්තමනා හොන්ති )
පින් රැස්කර ගැනීම (පසාදිකා සංවත්තනිකං කම්මං උපචිතානි)
දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)
ප්‍රශ්නය රහතන් වහන්සේ හඳුන්වා දීමක දී “යස්සාසවා පරික්ඛීණා” යනුවෙන්
සඳහන් වෙයි.මෙහි ආසව යන්නෙන් සඳහන් වන්නේ කුමක් ගැනද? පැහැදිලි කරන්න.
පිළිතුර - ආශ්‍රවයෝ සිව්දෙනෙකි. එනම් කාමසාව භවාසව, දිට්ඨාසව,
අවිජ්ජාසව, යනුවෙනි. ඇස්,කන්, නාසාදි සදොරට හමුවන මන වඩන සිත් වඩන
රූපාදී අරමුණු, නිසා ඇතිවන ඇල්ම මනාවිය. කාමසව නම් වෙයි.රූපාරූප
භවයන්හි පැතීම වශයෙන් යම් මනාපයක් රාගයක් කැමැත්තක් යම් තෘෂ්ණාවක් යම්
දැවීමක් යම් මුසපත් වීමක් වේද? එය හාවසව නම් වෙයි. රූපාදිය නිත්‍ය,
ශුභ, සුඛ ආත්මාදි වශයෙන් දැක්ම දිට්ඨාසව නම් වේ. දුක්ඛාදි අටතැන්හි
නොදැනීම අවිජ්ජාසව නම්වේ.
‘ආයතං සංසාර දුඛං සවන්ති පස වන්තීති, ආසවා සසර දුක් ඉපද මැරි මැරී නැවත
උපත ලබාදෙනුයි ආසව නමි.
ප්‍රශ්නය :–
පුරාතන මල්ල රාජධානියට අයත් වූ කුසිනාරාව පිහිටි ප්‍රදේශය වර්තමානයෙහි
කාසියා කුස නගර් යන නම් වලින් හැඳින්වෙයි. මෙම නගරය බෞද්ධ පූජනීය
නගරයක් වීමට හේතු වූ සිදුවීම් මොනවාද?
පිළිතුර :- සම්බුද්ධ පරිනිර්වාණය ආදාහන පූජා, සර්වඥ ධාතු බෙදාදීම ආදී
සිදුවීම් හා පරිනිර්වාණ විහාරය චෛත්‍යය ආදාහනය සිදුවූ ස්ථානය දැනට
හදුනාගෙන ඇත.
ප්‍රශ්නය
සමාජ සංස්කෘතිය කෙරෙහි විවාහ ජීවිතය ඍජු බලපෑමක් කරන බව බුදුසමය
පිළිගනී. බුදු සමයට අනුව පස්කම් සැප අනුභව කරන ‘පුත්තසම්බාධ’ සයනයෙහි’
නිදන මල් ගඳවිලවුන් ඈ දරණ ගිහි කාමභෝගියෙකුට පංචකාම විෂය, සමාජ සංයුතිය
(පැවැත්ම) සඳහා අනුමතය. එහෙත් කාමයෙහි වරදවා හැසිරීමට සංයුතිය උල්ලංඝනය
කිරීමට සමාජ අනුමැතියක් දී නැත. මිථ්‍යාචාරයෙන් මෙන්ම සම්මාඤචාරය
පිළිගත් බුදුසමය විවාහය පිළිබඳව අභ්‍යන්තර සබඳතා මනාව හෙළිකරයි.
නිදසුන් මගින් බෞද්ධ මතය පැහැදිලි කරන්න.
පිළිතුර
සමාජ ලිංගික සබඳතා පැවැත්විය යුත්තේ කවුරුන් අතරද යන්න බුදු සමය
පැහැදිලිවම ‘කාමෙසු සම්මා ආචාරය’ විවරණරය කරමින් අනුමත කරයි. ‘ඒකපුරුෂ
බහු භාර්යා සේවනයත් බහුපුරුෂ ඒක භාර්යා සේවනයත් සමාජ සංයුතිය ඉක්මා යන
දුරාචාරයකි. ඒක පුරුෂ ඒක භාර්යා සේවනය අනුමත කරමින් එයට සමාජ
විද්‍යාත්මක පදනමක් ද නිර්මාණය කරයි. සමාජ සම්මත පිළිගත් ලිංගික සබඳතා
ගොඩනැඟෙනුයේ විවාහය මගින්ය. උපත ලබන දරුවන්ට අවශ්‍ය නීතිමය රැකවරණය හා
පිළිගැනීම සඳහාද උපකාර වනුයේ විවාහයයි.
ප්‍රශ්නය
මහා මංගල සූත්‍රාගත කරුණු අනුව තමා අපරාජිතයෙකු වීමට “අත්තසම්මාපණිධි”
යනුවෙන් සඳහන් වන ‘ආත්ම දමනය ද එක් මංගල කරුණක් වෙයි. පුද්ගල ආත්ම දමනය
සඳහාම හේතුවන සාධක පහක් පාලි නිකායාගතව සටහන් වෙයි. ඒ මොනවාද?
පිළිතුර
අටුවා ග්‍රන්ථවල “පංච සංවර විනයා” යනු වේවා පුද්ගල ආත්ම දමනය සඳහා
හේතුකාරක වන මෙසේ සඳහන් වෙයි.
1. සීල සංවරය 2.සිහිය (සති සංවරය )
3. ප්‍රඥාව
4.ඉවසීම
5.වීර්ය
ප්‍රශ්නය
පහත සඳහන් ගාථා අර්ධයන් “ධම්මපද’ ග්‍රන්ථ යේ “ සුඛ” වග්ග හයවන ගාථාවෙහි
ඇතුළත්ය.
නත්ථි ඛන්ධ සමා දුක්ඛා
නත්ථි සන්ති පරං සුඛං
මෙම පාඨයන් හි ඇතුළත් ධර්ම කරුණු මොනවාද?
පිළිතුර
පළමු පාඨයේ එන පරිදි ස්කන්ධ හෙවත් පංච ස්ඛන්ධය ඒ ඒ අවස්ථානුකූලව
පරිහරණයෙහිදී දුක් සහිතය. රූප ,වේදනා, සඤ්ඤා , සංඛාර , විඤ්ඤාණය අංග
පසම අනිත්‍ය බව නිසාම ‘යදනිච්චං තං දුක්ඛං’ දුක් සහිතය.
අවසන් පාඨය – දුක් සන්සිඳීමට අරමුණ වූයේ යමක්ද ඒ ශාන්තියැයි සුව ගෙන
දෙයි. සසර පැවැත්ම නැවැතීම දුක් කෙළවර වීමය. එය නිවනයි. නිවනට වැඩි
තරම් සැපයක් නැත. ‘නිබ්බාණං පරමංසුඛං” වදාළේ ඒ නිසාය.
|