Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගල්මුරුව විහාරස්ථානයේ පුණ්‍ය මහෝත්සවයක්

ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දේවහන්දියේ සද්ධානන්ද හිමිපාණන් වහන්සේ පැවිදි වී වසර 25 ක් පිරීම නිමිති කරගෙන විහාරස්ථ දායක පින්වතුන් විසින් ඉදිකරන ලද බුද්ධ මන්දිරය සහිත ඇත්පවුර හා වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය මාර්තු 24 වන දින පස්වරුවේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නියංගොඩ විජිතසිරි අනුනායක මාහිමිපාණන් වහන්සේගේ සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය දී මු ජයරත්න මැතිතුමාගේ සහ පක්‍ෂ විපක්‍ෂ මැති ඇමැතින්ගේ සහ ප්‍රදේශවාසී ගිහි පැවිදි ප්‍රභූ අනුග්‍රාහක දායක පින්වතුන් සැමගේ සහභාගීත්වයෙන් හා දායකත්වයෙන් ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ දී සිදු කෙරේ. පසු දින මහා සංඝයා වහන්සේලා 75 නමක් විෂයෙහි පවත්වන සංඝගත දක්‍ෂිණාවකි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.