Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 ගංගොඩවිල සුභද්‍රාරාම වජ්‍ර ජයන්ති සමරු උළෙල

මෙරට සම්භාව්‍ය පාරිවේණික අධ්‍යාපන ඉතිහාසයේ විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ නුගේගොඩ ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනය ආරම්භ කර සැත්තෑපස් වසක් සම්පූර්ණවීම නිමිත්තෙන් එහි වජ්‍ර ජයන්ති සමරු උළෙල මෙම මස 21, 22, 23 යන දිනයන්හි එම පිරිවෙන් විද්‍යායතනයේ දී උත්කර්ෂවත් අන්දමින් සිදුකිරීමට කෘත්‍යාධිකාරී තබ්බෝවේ ආනන්ද රේවත නාහිමියන්ගේ මඟ පෙන්වීම පරිදි වජ්‍ර ජයන්ති කමිටුව කටයුතු යොදා ඇත. මෙයට සමගාමීව පැවැත් වූ සමස්ත ලංකා අන්තර් පාරිවේණික සහ අන්තර් පාසැල් තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය ද ‘ලෝචන’ නමින් ශාස්ත්‍රීය සංග්‍රහයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරේ.

මාර්තු 21 වන දින පෙ. ව. 9. 00 ට ඇරඹෙන සමාරම්භක උළෙලේ දී ‘සම්භාව්‍ය සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ විකාශනය’ මැයෙන් දේශනය පවත්වනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් විසිනි. එදින පස්වරුවේ සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතන සෞන්දර්ය අංශය ඉදිරිපත් කරන ‘රංඟ ශෝභා’ සංස්කෘතික සංදර්ශනයකි. මාර්තු 22 වන දින පෙරවරුවේ සුභද්‍රාරාම උපාධි පීඨය මෙහෙයවන අධ්‍යාපනික සම්මන්ත්‍රණයකි. පස්වරුවේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ‘ ගී රසවින්දන’ වැඩසටහනකි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.