පිච්ච මල් පූජා පුණ්‍ය මහෝත්සවය – ජූලි 28
ශාන්ති පදනම විසින් වාර්ෂිකව අනුරාධපුරයේ දී පවත්වනු ලබන පිච්ච මල්
පූජා මහෝත්සවයට මේ වසරේ දී වසර 23 ක් සපිරෙන අතර මෙවරද එම පින්කම ජය
ශ්‍රී මහා බෝධිස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්ගේ සහ
රුවන්මැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ආශිර්වාදය ඇතිව
කොටපොල අමරකිත්ති මාහිමියන්ගේ මූලිකත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ
සමිඳුන් අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම පින්කමේ විවිධ කටයුතු
භාරගෙන ක්‍රියාකරන පිච්චමල් පූජාවේ අනුකමිටුවලට සම්බන්ධ සියලු
සාමාජිකයන්ගේ මහා සභා රැස්වීම මාර්තු 04 වන දින සවස 03.00 ට කොළඹ 7,
සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන බව, ‘ශාන්ති පදනමේ’ පිච්ච මල්
පූජා කමිටුව දන්වා සිටී. |