ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 
			27 වැනි උපසම්පදා උළෙල
			
			සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 27 වැනි උපසම්පදා පුණ්‍ය 
			මහෝත්සවය මැයි මස 11, 12, හා 13 යන දිනයන්හිදී මාතර කොටුවේගොඩ රන්දූපත 
			ශ්‍රී රෝහණ උපෝසථාගාර මහා විහාරයේ දී ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අභිනව 
			මහානායක රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය ගොම්බද්දල ශ්‍රී නන්දාරාම 
			ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.  
			ඊට පෙර අප්‍රේල් 01, 02, හා 03 යන දිනයන්හිදී භික්‍ෂු ආකල්ප ප්‍රවර්ධන 
			හා ශ්‍රී රෝහණ උපසම්පදාපේක්‍ෂක භික්‍ෂු පුහුණු වැඩසටහන මාතර ඌරාපොල 
			සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථානයේ දී සිදු කිරීමට ද තීරණය වී ඇත.  
			මෙවර උපසම්පදාපේක්‍ෂක සාමණේරයන් වහන්සේලා සඳහා වූ අදාළ අයදුම්පත්‍ර 
			ප්‍රධාන ලේඛකාධිකාරී, උපෝසථාගාර මහා විහාරය, රන්දූපත, කොටුවේගොඩ, මාතර 
			යන ලිපිනයෙන් පැමිණ හෝ තැපැල් මගින් ලබාගත හැකි බව ප්‍රධාන ලේඛකාධිකාරී 
			පූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ දන්වා සිටිති.  |