ප්‍රත්‍යවේක්‍ෂා කිරීම
බලවත් සමාධි උපදවා ගැනීමට නම්..
නාවලපිටියේ අරියවංශ හිමි
පසුගිය පත්‍රය හා සම්බන්ධයි
සමාධිය ආරම්භයේ ඉදලම කළයුතු දෙයක්. ආරම්භයේ ඉදලම පිළිවෙළකට භාවනාව
පුරුදු නොකළොත් එයාට බලවත් සමාධියක් ඇති කර ගන්ට බැරුව යනව. එහෙම
නැත්තම් පරිපූර්ණ බලවත් වූ සමාධි කරා දියුණු කරන්ට එයාට බැරුව යනව.
හොඳට මතක තියා ගන්ට විශේෂයෙන් ආරම්භයේ ඉදලම ටික ටික සමාධිය පුරුදු
වෙන්ට.
අන්න ඒ විදියට ආරම්භයේ ඉදලම සිහිය හොඳින් පවත්වා ගන්ට මතක තියා ගන්න.
ඒක තමා සකසල වැඩීමේ ආරම්භය. අපි සිහිය උපදවා ගන්ට ඕන. එසේ උපදවා ගත්තා
වූ සිහිය තමයි අපි ක්‍රමක්‍රමයෙන් දියුණු කළ යුත්තේ. අන්න ඒ විදියට
සිහිය උපදවා ගන්නටත්, උපදවා ගත්ත සිහිය දියුණු කර ගන්නටත් කැප වෙන්ට
ඕනෑ.
යම් භාවනා මනසිකාරයක් පවත්වනවා නම්, අන්න ඒ භාවනා මනසිකාරය වෙනස්
කරගන්ට එපා. මෛත්‍රී භාවනාව කියල සිතන්න. මෛත්‍රී භාවනාව පුරුදු කරනකොට
යම් වචන පිළිවෙළක් පාවිච්චි කරනව නම්, ඒ වචන වෙනස් කරන්ට එපා. අපි
දිගටම ඒ වචන ටික තමයි පාවිච්චි කළ යුත්තේ. ඒ වචන වෙනස් කළොත් එහෙම
භාවනාව දුර්වල වෙන්ට පුළුවන්. ඊළඟ දේ තමයි අපි යම් රිද්මයකට භාවනා
පුරුදු කරනව. ඒ රිද්මය වෙනස් කරන්ටත් එපා. සිතන සිතන විදියට වෙනස් කර
කර යන්ට එපා. ඊළඟ එක තමයි භාවනා කරන අතර තුළ දී භාවනා මනසිකාරය හැරුණු
විට වෙන වෙන දේවල් සිතන්ට යන්ට එපා. අපට සිතිවිලි එන්ට පුළුවන්. ඒ එන
සිතිවිලි දැකල බැහැර කිරීම වෙනයි. ඒ සිතිවිල්ල බැහැර කිරීම පිණිස යම්
උපක්‍රමයක් කිරීම වෙනයි. නමුත් ඒ භාවනාව සම්බන්ධයෙන් වෙන වෙන දේවල්
සිතන්ට යන්ට එපා.
ඊළඟ කාරණය තමයි, බලවත් සමාධි උපදව ගන්නා තෙක් සාමාන්‍ය සමාධියක් ඉපදුන
පමණින් ඒ සමාධියෙන් ප්‍රයෝජන ගන්ට හදන්ට එපා. දැන් සමහර කෙනෙක්
සමාධියක් ඉපදුනාම ඒ සමාධියෙන් යම් යම් ප්‍රයෝජන ගන්ට උත්සාහ කරනව. අන්න
එහෙම කරන්ට යන්ට එපා. එතකොට ඒ සමාධිය දුර්වල වෙන්ට පුළුවන්. විශේෂයෙන්ම
භාවනා කරද්දී සමාධිය තුළ අපි යම් චිතක්ක විචාරයක් පවත්වනවා නම්, අන්න ඒ
විතක්ක විචාරය හැරුණු විට වෙන දේවල් කරන්ට එපා. සිත එහෙ මෙහෙ කරන්ට
එපා. සමාධිය හොඳින් තේරුම් ගන්නා තෙක්, වෙන වෙන විදියට සමාධිය
හසුරුවන්ට යන්ට එපා. හොඳින් පුරුදු කරන තෙක් සමාධියෙන් ප්‍රයෝජන ගන්න
යන්ට එපා.
ඊළඟ එක තමයි සකසල වඩන කෙනා සකසල වැඩීම පිණිස එයා සමථයත් පුරුදු කරන්ට
ඕන. විදර්ශනාවත් පුරුදු කරන්නට ඕනැ. ඒ වගේම තමයි සමථ විදර්ශනා දෙක
පුරුදු කරල එයා නිවන පිණිස ආශ්‍ය කරන සමාධියත් පුරුදු කරන්ට ඕනැ. එතකොට
මුලින් එයා සමථයත් වඩන්ට ඕන. විදර්ශනාවත් වඩන්ට ඕන. ඒ දෙක සමබර කරල
වඩන්ටත් ඕනැ. ඊළඟට විදර්ශනාව බලවත් වුණාට පස්සෙ ඒ දෙක මුල් කරගෙන නිවන
පිණිස වුවමනා කරන සමාධිය හුරු කර ගන්ට ඕනැ.
එවිට එයා සමථය එක දිගටම කරන්නෙ නෑ. විදර්ශනාවත් එක දිගටම කරන්නේ නෑ. ඒ
දෙකම සමබර කරගෙන පුරුදු කරන්ට ඕනෑ. ඊළඟට එයා සමථ විදර්ශනා සමාධි පුරුදු
කරගෙන ඒ දෙක මුල් කරගෙන, නිවන පිණිස උපකාර වන සමාධිය ඇති කරගත්තා ම
එයාට සමාධි තුනක් තියෙනව.
අන්න ඒ සමාධි තුනත් සමබර කරමින් වඩන්ට ඕනැ. එහෙම නොවුණොත් බලවත් සමාධි
කරා දියුණු කරගන්ට බැරුව යනව. එතකොට ආරම්භයේදී සමථයයි, විදර්ශනාවයි දෙක
සමබර කරල වඩන්ට ඕන. සමථයයි, විදර්ශනාවයි සමබර නොකළොත් සමාධිය ඇති
කරගන්ට බැරුව යනව. එතකොට ඒ සමාධි තුනක් ඇති වුණාට පස්සෙ ඒ සමාධි තුනත්
සමබර කරමින් පුරුදු කරන්ට ඕනැ. (ස්වර්ණ කරන සූත්‍රය)
විශේෂයෙන් මතක තියා ගන්ට ආරම්භයේදී භාවනාවට බාධා වෙන කරුණු හඳුනා ගෙන
බැහැර කරන්නට කැප වෙන්නට ඕනැ. නීවරණ හඳුනා ගෙන බැහැර කරන්ට කැප වෙන්ට
ඕනැ. එහෙම නීවරණ හඳුනා ගෙන බැහැර නොකළොත් එයාට සමථ විදර්ශනා සමාධි
උපදවා ගන්නට බෑ. ඒව මතක තියා ගන්න.
ඊළඟට එයා ඒ සමාධි තුන වැඩුවට පස්සෙ එයා තව දුරටත් සිතේ තියෙන උපක්ලේෂ
හඳුනා ගන්ට ඕනෑ. (උපක්කිලෙස සූත්‍රය) එතකොට සමථයත්, විදර්ශනාවත් වැඩීම
පිණිස උපකාර වන සමාධියත් කියන මේ සමාධි තුන පුරුදු කරන කෙනාට යම් කලකදී
තවදුරටත් සිතේ තියෙන උපක්ලේෂ දුරු කරන්ට සිද්ධ වෙනව. අන්න එතෙන්දී එයා
උපක්ලේෂ හඳුනා ගන්ට කැප නොවුණොත් එතනින් එහාට බලවත් සමාධි කරා යන්ට
බැරුව යනවා. ඒ උපක්ලේෂ හඳුනා ගැනීම ඉතා අමාරුයි. ඒ උපක්ලේෂ හඳුනා ගන්ට
කැප වෙන්ට ඕන. විශේෂයෙන් ථීනමිද්ධය, දැඩි වීරිය, හීන විරිය, කායික
වෙහෙස, අමනසිකාරය (ඒ කියන්නෙ මනසිකාර නෙකෙරෙන ස්වභාවයන්) අන්න ඒ වගේ
ස්වභාවයන් හඳුනන්ට බෑ ගොඩක් වෙලාවට.
ඒ නිසා ඒව හඳුනා ගන්ට කැප වෙන්ට අවශ්‍යයයි. ඊට පස්සෙ නානත්ත සංඥාම මෙ
වගේ උපක්ලේශ තියෙනව. මේව හඳුනාගෙන ඒව බැහැර කරන්ට කැප වෙන්ට ඕනැ. අන්න
ඒ උපක්ලේශ හඳුනාගෙන බැහැර කරන්ට කරන්ට එයාට බලවත් සමාධි කරා යාමේ
හැකියාව තියෙනව. එතකොට එයාට උපදිනව සමාධි තුනක්.
සවිතක්ක සවිචාර, අවිතක්ක විචාර මාත්‍ර, අවිතක්ක අවිචාර කියල. අන්න ඒ
සමාධි තුන උපදවා ගන්ට කැප වුණොත් යම් කෙනෙක්, ඒ සමාධි තුන වඩමින් එයාට
බලවත් සමාධිය කරා සිත දියුණු කර ගන්ට අවස්ථාවක් තිබෙනවා. |