UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සඳහම් දැනුම ලියන වහුමුවේ නායක හාමුදුරුවෝ

එකල ගුවන්විදුලි යන්ත්‍රයක් තිබුණේ ගමක නිවාස කීපයක පමණි. එහි ප්‍රචාරය වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශයේ වැඩසටහන් අතර බදාදා සහ ඉරිදා දම් දෙසුම් මහත් ගෞරවයෙන් ගුවන්විදුලි යන්ත්‍රයෙන් ශ්‍රවණය කළේ ගමේ වෙසෙන පවුල් කීපයක සහභාගිත්වයෙනි.

ඒ අතර ප්‍රචාරය වූ අගනා ආගමික වැඩසටහනක් විය. එනම් දහම් දැනුම වැඩූ සමස්ත ලංකා දහම් පාසල් දැනුම මිනුම තරගයයි. එදා ඒ වැඩසටහන තවමත් ශ්‍රාවක මනසේ රැදී තිබෙනු නො අනුමානය. මහවැලි ජනපදික කලාපයන්හි දහම් පාසල් හාර සියයක් ඉක්මවා පිහිටුවීමට උන්වහන්සේ මූලික වූහ. පුරා වසර විසි දෙකක් එම ප්‍රශ්න විචාරාත්මක දහම් දැනුම තරගයේ ප්‍රශ්න විචාරක වූයේ වහුමුවේ විජයවංස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක වහුමුවේ විජයවංස නාහිමියන් “ බුදුසරණ” සඳහම් දැනුම ලේඛක ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ දිගුකලක් පිරිවෙන් ආචාර්යවරයකු ලෙස සේවය කළ අතර අනුරාධපුර මහා විහාර පිරිවෙනෙහි පරිවෙනාධිපති ධුරයද හෙබවූහ. පිරිවෙන් ගුරු සංගමයේ සභාපතිවරයා ලෙස ද කලක් සේවය කළ උන්වහන්සේ ධර්ම විනයධර මහ තෙර නමකි. උන්වහන්සේගේ පැවිදි දිවියේ 63 වන වසර සපිරීම නිමිත්තෙන් කොළඹ ඇල්විටිගල මැනිංටවුන් රාජායතන විහාරයේදී මෙම 29 වනදා පැවිදි කිරීමේ පින්කමක් සිදු කැරේ.

 
නවම්පුර අටවක පෝය

නවම්පුර අටවක පෝය ජනවාරි 30 වන දා සඳුදා අපර භාග 8.21 ට ලබයි.
31 වනදා අඟහරුවාදා අපරභාග 11.00 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා අඟහරුවාදා ය.

මීළඟය පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]