75 වන කොටස බණ්ඩාර මඩුගල්ලේ
322. චරමස්සතරා දන්තා - ආජානීය්‍යා ච සින්ධවා
කුඤ්ජරා ච මහානාගා - අත්තදන්තෝ තතො වරං
ඇත්තු සහ අශ්වයෝ, සුසංවර නම් වටිති. හිත සුසංවර වීම, ඊට වැඩියෙන්
වටී. තම මනස, සුසංවර කරගන්න. එවිට හැමතැනදීම ඔබ පළමුවැන්නා ය.
323. න හි එතෙහි යානෙහි – ගච්ඡෙය්‍ය අගතං දිසං
යථාත්තනා සුදන්තේන – දන්තෝ දන්තේන ගච්ඡතී
කිසිම වාහනයකින්, නිවන වෙත යන්න බැහැ. සුසංවර වූ මනස, තුළින් එහි යා
යුතුයි. සුසංවර, මනස මහ සම්පතකි. ඒ තුළින් ලොව්තුරා, සැප පවා ලද හැකි ය.
324. ධනපාලකො නාම කුඤ්ඡරෝ -
කටුකප්පභේදනො දුන්නිවාරයො
බද්ධෝ කබලං නභුංජ -
සුමරති නාගවනස්ස කුඤ්ජරෝ
ධනපාල නම් ඇතා, අකීකරු වූයේ ය. මහා වනපෙතක් ගැන, ඌ නිතර සිතුයේ ය.
අසීමිත, ආශාව බිහිසුණු ය. ඔබේ සමබර මනස, ඉතාමත් යහපත් ය.
325. මිද්ධියදා හොති මහග්ඝසො ච –
නිද්දායිතා සම්පරිවත්තසායී
මහාවරාහො ව නිවාපපුට්ඨො -
පුනප්පුනං ගබ්භමුපෙති මන්දො
මහා පස්කම් සැපට, ලොබ බැඳුණු තැනැත්තා නැවත නැවතත් සසර උපතක් ලබන්නේ ය.
කම් සැපට, ගිජු නොවී හැසිරෙන්න. එවිට දුක හීන වී සැප වගා වන්නේ ය. |