Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හඟුරන්කෙත සද්ධානන්ද හිමි

පැවිදි නාමය - හඟුරන්කෙත සද්ධානන්ද හිමි.

වැඩ වසන විහාරස්ථානය – පාතහේවාහැට තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමය බූටාවත්ත වටාවක්ක පුරාණ විහාරය

උපන් දිනය – 1953 දෙසැම්බර් 22

පියා - කැකුලන්දර මුදියන්සේලාගේ උක්කුබණ්ඩා මහතා

මව - උයන්වත්තේ ගෙදර කොයින් මැණිකා මාතාව

සහෝදර සහෝදරියන් - සහෝදරයන් 4, සහෝදරියන් 7

පාසල් අධ්‍යාපනය – හඟුරන්කෙත දියතිලක මධ්‍ය මහා විද්‍යාලය, බූටාවත්ත කණිෂ්ඨ විද්‍යාලය, අම්පිටිය සිද්ධාර්ථ මහා විද්‍යාලය.

පැවිදිවීම – 1972 නොවැම්බර් 06

ආචාර්යන් වහන්සේ - බූටාවත්තේ ශ්‍රී රතනජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ

පිරිවෙන් මූලික අධ්‍යාපනය - කැටවල විද්‍යාලෝක පිරිවෙන, මහනුවර සංඝරාජ මහා පිරිවෙන

උපසම්දාව - 1975.06.16 වන දින සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක ධූරන්ධර අපවත් වී වදාළ ගොඩමුන්නේ ශ්‍රී නාගසේන ධම්මානන්ද මහානායක හිමියන්ගේ උපාධ්‍යයත්වයෙන් හා කර්මාචාර්ය උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහානායකහිමියන් සහ කහවත්තේ සරණංකර නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා.

විදේශ ධර්ම දූත සේවා - ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව හා සිංගප්පූරුව

ශාසනික හා සමාජ සේවාවන් - තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමය අංග සම්පූර්ණ විහාරාමයක් බවට පත් කර ප්‍රදේශයේ සැදැහැවතුන්ගේ ආගමික පුනර්ජීවනයක් ඇති කිරීම පිණිස නායකත්වය සපයන ස්ථානයක් බවට පත් කිරීම.

පාතහේවාහැට ශාසනාරක්‍ෂක මණ්ඩලයේ වර්ෂ 15ට අධික කාලයක් ලේකඛකාධිකාරී හිමියන් ලෙස සේවය කරමින් දහම් පාසල් සංවර්ධනය පිණිස පූර්ණ කැපකිරීමක් සිදු කිරීම (1992 සිට 2007 ) දක්වා මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ද ලේඛකාධිකාරී හිමියන් ලෙස වර්ෂ 3ක සේවය නිරත වීම.

පින්නගොල්ල, නිකතැන්න ග්‍රාමසංවර්ධන සමිතියේ සභාපතිවරයා ලෙස නායකත්වය ලබාදෙමින් එම සමිතිය මධ්‍යම පළාතේ හොඳම ග්‍රාම සංවර්ධන සමිතිය ‍ෙලස 2008 සහ 2010 යන වර්ෂ දෙකේ මධ්‍යම පළාත් ගැමි ශක්ති සම්මානයෙන් අගැයීමට පාත්‍රවීමට තරම් ශක්තිමත් වූ ඵලදායි සේවාවක් ඉටු කරන සමිතියක් බවට පත් කිරීමට කටයුතු සංවිධානය කිරීම.

මැලේසියාවේ අධිකරණ සංඝනායක බූටාවත්තේ සරණංකර හිමියන් සහ මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංවිධානයේ දායකත්වයෙන් 2011.12.06 වන දින පාතහේවාහැට සහ තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීපයක අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් හා දහම් පාසල් දරුවන් 4000 ක් සඳහා පාසල් නිල ඇඳුම් හා පාසල් උපකරණ බෙදාදීම සහ වැඩිහිටියන් සඳහා ද රෙදි හා උපකරණ පිරිනැමීමක් සිදු කිරීම.

තම ශාසනාරක්‍ෂිත මණ්ඩල ලේඛකාධිකාරී ධූරය දරන ලද වර්ෂ කීපය තුළ ප්‍රදානෝත්සවයත් ඉතා සාර්ථක ලෙස පවත්වමින් සිසුන් හා ගුරුවරුන් අගැයීමට ලක් කිරීම.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.