Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මේ ලෝකයේ සත්වයින් සමහරු පොහොසත්, සමහරු දුප්පත් සමහරු ලස්සනයි, සමහරු කැතයි, ලෙඩසහිතයි, සමහරු බොහොම නීරෝගියි, සමහරු අල්පේශාක්‍යයයි. සමහරු මහේශාක්‍යය බව පේනවා. විවිධ සත්වයෝ විවිධාකාරයෙන් ඉපදීමට හේතුව කුමක් ද?

බුද්ධ ශාසනය රැකගැනීම බෞද්ධයන් ගේ යුතුකමක්. තෘෂ්ණාවට යටවෙලා ශාසනයේ නාමයෙන් වෙන වෙන වැඩ කරන්නට ගියොතින් ශාසනය විනාශවෙලා යන එක වළක්වගන්න පුළුවන්කමක් නැහැ.

භික්ෂු ,භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්පිරිස ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ ගමන් කරනතාක් ශාසනය රහතුන්ගෙන් හිස් නොවන බව බුදුරදුන් දේශනා කරලා තිබෙනවා. උපසම්පදා භික්‍ෂූන් නැතිව ගියදාට ශාසනයත් අවසන් වෙලා යනවා. උපසම්පදාව ආරක්ෂා කළ යුත්තේ භික්‍ෂූන් වහන්සේලා මිස දෙවිවරු නොවේ.

බුදුදහම ලෞකික දියුණුව සඳහා නොව ලෝකෝත්තර සුවය සඳහාම පමණක් වන දහමක් බව සමහරු අවඥාවට කියනවා. එය බුදුරදුන්ට අභූතයෙන් කරන චෝදනාවක්. බුදුදහම තරමට ලෞකික දියුණුවට මගපෙන්වූ වෙනත් ආගමික දර්ශනයක් ලොව පහළ වුනේ නැහැ.

ලෞකික දියුණුවට ධර්මානුකූලව මග පෙන් වූ එකම ශාස්තෘන්වහන්සේ බුදුරදුන් පමණයි. ලෞකික දියුණුවේ ආදීනවත් උන්වහන්සේ දේශනා කළා. බුදුකෙනෙකුන් ලෝකයට පහළ වෙන්නේ යම්කිසි මාර්ගයක් නිසා නම් ඒ ලෞකික දියුණුවත් හදාගෙන ඒ මාර්ගයට පිවිසෙන ආකාරයත් දේශනා කර තිබෙනවා.

සිඟාලෝවාද සූත්‍රය තුළ ලෞකික ජීවිතයේ දියුණුවට අදාළ කාරණා සඳහන් කර තිබෙනවා. මහා මංගල සූත්‍රයෙ තුළ මංගල කාරණ තිස් අටක් සඳහන් වෙනවා. එකී කාරණා තිස් අටෙන් තිස් දෙකක්ම දේශනා කළේ මෙලොව දියුණුව සඳහායි. පරලොව දියුණුව සඳහා පවතින්නේ කාරණා හයක් පමණයි. පත්ථකම්ම පරාභව , වසල ආදි සූත්‍ර ධර්ම තුළ මෙලොව දියුණුවටත් පිරිහීමටත් අදාළ වන කාරණා සඳහන් වෙනවා.

බුදුරදුන් තම ශ්‍රාවකයන්ට කළයුතු නොකළ යුතුදේ අවධාරණය කරමින් හරි මාර්ගය පෙන්වා දුන්නා. සත්වයෝ කර්මය ස්වකීය කොටගෙන සිටින්නන් බව බුදුදහමට අනුවත් කවුරුත් දන්නා දෙයකි. එක් අවස්ථාවක සුභ මානවකයා බුදුරදුන්ගෙන් මෙසේ විමසනවා.

“ ස්වාමීනි “ මේ ලෝකේ සත්වයින් සමහරු පොහොසත්, සමහරු දුප්පත් සමහරු ලස්සනයි, සමහරු කැතයි, ලෙඩසහිතයි, සමහරු බොහොම නීරෝගියි, සමහරු අල්පේශාක්‍යයයි. සමහරු මහේශාක්‍යය බව පේනවා. විවිධ සත්වයෝ විවිධාකාරයෙන් ඉපදීමට හේතුව කුමක් ද? “ එවිට බුදුරදුන් මෙලෙස දේශනා කරනවා.

මානවකය, සත්වයින් කර්මය ස්වකීය කොටගත් ඇත්තන්. මගේ කරගෙන ඉන්නේ කර්මය කර්මය තුළින් ඔවුනොවුන් හීන ප්‍රණීත වශයෙන් බෙදෙනවා.

ලොව කොතැනක හෝ සත්ව නාමයෙන් සත්වයෙක් පහළ වෙන්න පුළුවන්.

ඒ සත්වයා දෙවියෙක්, මාරයෙක්, බ්‍රාහ්මණයෙක්, තිරිසනෙක්, මනුෂ්‍යයෙක්, වෙන්න පුළුවන්. ඔවුනොවුන්ගේ කර්ම ඔවුනොවුන් දායාද කර ගෙනයි සිටින්නේ. බුදුදහමට අනුව විමසා පිළිගන්න. කර්මයට යටත්වී ඇති සත්වයෙකුට තවත් සත්වයෙකුගේ කර්මය වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ.

බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේටත් නොයෙකුත් දුක්ඛ පීඩා කරදර ඇතිවුනා. උන්වහන්සේගේ පිහිටට දෙවියො ආවේ නැහැ. යම් යම් දේවල් ලබාගන්න දෙවියො යදින්න කියලා කිසිම සූත්‍ර දේශනයක බුදුරදුන් දේශනා කරලා නැහැ.

අවුරුදු ගණනාවකට පෙර පැමිණි විවිධ ආගමික බලපෑම් නිසා බෞද්ධයෝ යදින, පුදන පිරිසක් බවට පත්වෙලා. මේ තත්වය වෙනස් නොකරගතහොත් තව අවුරුදු කීපයක් ගතවන විට,අපට දක්නට ලැබෙන්නේ බුදුදහමේ නෂ්ටාවශේෂ පමණයි. සම්බුද්ධ ශාසනය රැකගැනීමට නම් ඊට අදාළ පියවර දියත් කරන්න ඕනෑ. බුදුරදුන් එක් අවස්ථාවක ගෘහපතියෙකුට දුර්ලභ කරුණු පහක් දේශනා කළා.

ගෘහපතියා මෙලොව ජීවත්වන සෑම සත්වයෙකුම කැමැති කාන්ත, මනාප දුර්ලභ වූ කාරණා පහක් පවතිනවා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.